page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / දේශපාලන / Ravi Karunanayake / පටු අරමුණු පදනම් කර ගත් සැලසුම්වල අහිතකර ප්‍රතිඵල දැන් රටට දැනී තිබේ…..

පටු අරමුණු පදනම් කර ගත් සැලසුම්වල අහිතකර ප්‍රතිඵල දැන් රටට දැනී තිබේ…..

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා.

පටු අරමුණු පදනම් කර ගත් සැලසුම්වල අහිතකර ප්‍රතිඵල දැන් රටට දැනී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමත්‍යවරයා පෙන්වා දෙන්නේ ලෝක කාලගුණික තත්ත්වයන්ගේ පරිවර්තනයත් සමඟ ඊට ගැලපෙන සැලසුම් සකස් කිරීමේ කාලය දැන් පැමිණ ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් වූ ජනතාවගේ සුව දුක් බැලීම සඳහා (04) එම ප්‍රදේශයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

ආපදාවට ලක්වුවන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීම සඳහා අති ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රවී කරුණානායක මහතා මාතර දිස්ත්‍රික්කයේ වේරගම්පිටිය, පිනිදුව සහ නානුගම ප්‍රදේශවල සංචාරය කරනු ලැබීය. අමත්‍යවරයා මුලින්ම ගමන් ගනු ලැබුවේ, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටය. එහිදී, ආපදා සහන නිලධාරින් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කළේය. විදේශයන්ගෙන් ලැබෙන සහනාධාර නිසි ක්‍රමවේදයක් යටතේ බෙදාහැරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රවී කරුණානායක මහතා දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගෙන් ඉල්ලීමක් කළේය. ජනතාවගේ අවශ්‍යතා සඳහා තවදුරටත් අඩුපාඩු පවතින්නේ නම්, ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසද කරුණානායක මහතා ආපදා සහන නිලධාරීන්ට දැන්වීය.

මෙම සංචාරයේදී අමත්‍යවරයා මාතර නගරය ආසන්නව පිහිටි වේරගම්පිටිය, පිනිදුව සහ නානුගම යන ප්‍රදේශවල ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව හමු වී ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීය. ජනතාව අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ දේපල හානි වෙනුවෙන් තමන්ට ආධාර උපකාර කරන ලෙසයි. එහිදී අමත්‍යවරයා පෙන්වා දුන්නේ මෙවැනි ස්වභාවික විපතකදී මුහුණ දීම සඳහා තමා මුදල් අමාත්‍යවරයාව සිටියදී හදුන්වා දුන් ජාතික රක්‍ෂණ ක්‍රමවේදය මගින් අවශ්‍ය වන්දි ලබා දීමට රජය පියවර ගෙන ඇති බවයි. රජයක් හැටියට හදුන්වාදෙන එවැනි සැලසුම් ක්‍රියාවට නැංවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවද අමාත්‍යවරයා කීය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!