page hit counter
Tuesday , January 16 2018
Breaking News
Home / උණුසුම් පුවත් / මඩවගුරක පුංචි පැළක ජීවත්වූ පුංචි පවුලට ලක්ෂ 35ක ගෙයක් හදපු සුපිර් කොල්ලා

මඩවගුරක පුංචි පැළක ජීවත්වූ පුංචි පවුලට ලක්ෂ 35ක ගෙයක් හදපු සුපිර් කොල්ලා

කැළණිය එඩේරමුල්ල ප්‍රදේශයේ වගුරුබිමක සදන ලද පුංචි පැළක ජීවත් වුන පවුලකට නිවසක් තනා දීමට මධුසංක නම් වූ තරුණයා කටයුතු කරලා තියනවා.

ෆේසුබුක් එකේ මිතුරන් සම්බද්ධ කරගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මෙම මස 11 වෙනිදාට මෙම නිවස ඒ දුප්පත් අහිංසක පවුලට ලබාදෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ

චානක මධුසංක මුහුණුපොතේ තැබූ සටහන පහතින්

“අවුරුද්දක් පුරාවට අප සිදුකල මේ ප්‍රජාසත්කාරක වැඩසටහන අවසානයකරා ලගාවී ඇති මේ මොහොතෙ මේ සදහා සහබාගි වන්නට සියලු දෙනා හට ආරාධනා කර සිටිනවා ,

පුංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් එම පවුල එඩේරමුල්ල වගුරුබිමේ කණු මත නිවසක් ඉදිකරගෙන අවුරුද්දකට ඉහතදී ජීවත් වන විට ඔවුන් හීනෙන්වත් හිතන්නට නැතිව ඇති එන අවුරුද්දෙ ඔවුන් හට නව නිවසක ජීවත් වීමේ වාසනාව ලැබෙයි කියා ,
කඩවත නුවර පාරට මීටර් 200 ක් පමණ ආසන්නයෙන් පර්චස් 10 කට වඩා වැඩි ඉඩම සමග නිවස කාමර දෙකක් , සාලය , කුස්සිය , බාත්රෑම් එක ඉදිරිපස කොටස සහිත අංග සම්පූර්ණ මෙම නිවස ගෘහ භාන්ඩ, සහ ඉඩම සහිතව ලක්ෂ 35 ක පමණ වටිනාකමකින් යුක්ත වෙනවා..

ෆේස්බුක් භාවිතා කරමින් පිං සිතුවිලි ඇති පරිත්‍යාගශිලින්ගෙ මුදලින් ඉදිවු අහිංසක දුප්පත් පවුලක් වෙනුවෙන් ගොඩනැගුන නව නිවස ඔවුන් හට පරිත්‍යාග කිරීමෙ කටයුත්ත යෙදී ඇත්තෙ 2017-06-11 වෙනි දින සුභ මොහොතින්..
මේ සදහා සහබාගි වන ලෙස සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා…
දිනය – 2017-06-11.
වෙලාව – උදේ 8.30 ට.
ස්තානය – කඩවත ඉදිගහමුල හංදිය.
වැඩි විස්තර සදහා කතාකරන්න – 075-5117610.”

මඩවගුරක පුංචි පැළක ජීවත්වූ පුංචි පවුලට ලක්ෂ 35ක ගෙයක් හදපු සුපිර් කොල්ලා
මඩවගුරක පුංචි පැළක ජීවත්වූ පුංචි පවුලට ලක්ෂ 35ක ගෙයක් හදපු සුපිර් කොල්ලා

මේ තරුණයා කරපු මහගු පින ගැන රටටම කියන්න පහතින් share කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!