page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ප්‍රින්ස්ගේ රෝහල් බිල තවමත් ගෙවා අවසන් නෑ..ප්‍රින්ස් වෙනුවෙන් හැකි උපකාරයක් කරමු

ප්‍රින්ස්ගේ රෝහල් බිල තවමත් ගෙවා අවසන් නෑ..ප්‍රින්ස් වෙනුවෙන් හැකි උපකාරයක් කරමු

ඊයේ දිනයේ අප අතරින් සමුගත් ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා වෙනුවෙන් සිය රසික රසිකාවියන්ට තවදුරටත් මුදල් පරිත්‍යාග කළ හැකියි.

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති, කීර්ති පැස්කුවල් මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටින්නේ ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ දේහය රෝහලෙන් නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් ඊයේ දින රෝහලට ගෙවීමට තිබූ බවත් මසක් ඇ‌තුලත ගෙවන ලිඛිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර ගත් බවයි.

තවද එම සටහනේ දැක්වෙන්නේ ප්‍රින්ස්ගේ සහෝදරිය වන ශිරෝණි ප්‍රියංගිකාගේ ගිණුම් අංක – 8103017799 කො‌මර්ෂල් බැංකුව ඇ‌ල්පිටිය ශාඛාව යන ගිණුමට ප්‍රින්ස් වෙනුවෙන් ඕනෑම කෙනෙකුට යම් උපකාරයක් කිරීමට හැකි බවයි.

කීර්ති පැස්කුවෙල් මහතා මුහුණුපොතේ තෑබු සටහන

ආදරණීය ප්‍රින්ස් වෙනුවෙන්….
අප අතරින් වියෝ‌ වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් අද දින රෝහලට ගෙවීමට තිබූ අතර මසක් ඇ‌තුලත ගෙවන ලිකිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර දුන්නා. එසේ ලබා දුන් සහනය වෙනුවෙන් එම රෝහලට අපගේ ස්තූතිය පුදකරනවා.

වසර දෙකක කාලයක් තුල එතුමාගේ සො‌යුරිය දැනට ලක්ෂ 125ක් පමන මුදලක් ප්‍රින්ස් වෙනුවෙන් රෝහල් වලට ගාස්තු සඳහා වියදම් කලේ ඔවුන් සතුව තිබූ ඉඩකඩම් විකිනීමෙන් සහ ඔබ අප කල පරිත්‍යාගයන් වලින්.

අද දවසේ උදෑසන ප්‍රින්ස්ගේ බෙහෙත් වේල ලබා ගැනීම සඳහා ෆාමසියට යන ඇයට බෙහෙත් ලබාදීම ප්‍රතික්ෂේප වන්නේ බිල නොගෙවීමේ හේතුව මතයි. නමුත් කරැණික කලමණාකාර මහතෙකුගේ මැදහත්වීම නිසා ඇයට ප්‍රින්ස් වෙනුවෙන් අවසන් බෙහෙත් වේල දෙන්නට හැකිවුනා.

ඒ මොහොතේ සොහොයුරියක් ලෙස ඇය කෙතරම් අසරණ වන්නට ඇත්ද.බොහෝ ආ‌ර්ථික දුෂ්කරතා දරාගෙන මේ සියලු බාධාවන්ට මුහුනදෙන මෙම සොයුරිය…මේ මොහොතේදී අප සියලුදෙනාගේ කාරැණික සහයෝ‌ගය බලාපො‌රො‌ත්තු වෙයි.ප්‍රින්ස් වෙනුවෙන් අපට හැකි උපකාරයක් කරමු.
ශිරෝණි ප්‍රියංගිකා
ගිණුම් අංක- 8103017799
කො‌මර්ෂල් බැංකුව ඇ‌ල්පිටිය ශාඛාව.

මෙම සටහන තුලින් ප්‍රින්ස් ප්‍රතිකාර ලබා ගත් රෝහල කිසියම් අසාධරනයක් කල බවක් ප්‍රකාශ නොකරන අතර ප්‍රින්ස් ප්‍රතිකාර ලබාගත් කාලය තුල ඔහු වෙනුවෙන් බොහෝ සහන රෝහල විසින් ලබාදුන් බව වැඩි දුරටත් සඳහන් කරමි.
කීර්ති පැස්කුවල්
ශ්‍රි ලාංකේය ගායක ගායිකා සංගමය.
Pls share this.

එම සටහන පහතින් බලන්න

මෙම ලිපිය බලන ඔයාට පුළුවන්නම් උදව් කරන්න ඒක ලොකු පිණයක්.. ඒ වගේම උදවු නොකලත් උදව් කරන්න අය හමුවෙනතුරු මේ ලිපිය share කරන්න අමතක කරන්න එපා

Check Also

එක්සත් වෘත්තීයවේදීන් ඩිජිටල්කරණයේ පලමු පියවර තබයි

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය තම නිල වෙබ් අඩවිය www.upg.lk අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය සැප්තැම්බර් 29 වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!