page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Ranjan Ramanayake / “ජෝන් කළේ පහත් වැඩක්‌” නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක

“ජෝන් කළේ පහත් වැඩක්‌” නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක

පරිණත දේශපාලනඥයකු විදිහට ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ට ඉතා පහත් අන්දමින් බැණ තර්ජනය කරමින් හැසිරුණු ආකාරය කෙසේවත් අනුමත කළ නොහැකි බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසනවා.

පසුගිය ආණ්‌ඩු කාලේ මාධ්‍යවේදීන් 26 දෙනෙක්‌ ඝාතනයට ලක්‌වුණා. ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදියෝ මහ පාරේදී ඝාතනය වුණා.

මහජනතාව පසුගිය ආණ්‌ඩුව ප්‍රතික්‍ෂේප කරලා යහපාලන ආණ්‌ඩුවක්‌ පත්කර ගත්තේ වෙනසක්‌ දකින්න.

පසුගිය රජය පෙරළා යහපාලන ආණ්‌ඩුව පත් කරන්න මේ මාධ්‍ය ගොඩක්‌ උදව් කළා. එහෙම කරපු මාධ්‍යවේදීන්ට මේ විදිහට පහත් විදිහට බැණ වැදී තර්ජනය කරන එක බොහොම පහත් වැඩක්‌.

ජෝන් අමරතුංග කියන්නේ පරිණත දේශපාලනඥයෙක්‌. ඒ වගේම එයා දිස්‌ත්‍රික්‌ සංවිධායක. අමරතුංග මහත්තයා මගෙත් හොඳම යාළුවෙක්‌.

ඒ මොහොතේ වුණත් ජෝන් අමරතුංග මහත්තයා මාධ්‍යවේදීන් ඉදිරියේ හැසිරිච්ච ආකාරය ඉතාම නින්දිතයි. මේ වගේ වැඩ නිසා ආණ්‌ඩුවත් මහජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක්‌වෙනවා.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!