page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ගෝමරී තම පෙම්වතාට පණ දෙවැනිකොට ආදරය කළා : දෙනෙතට කදුළු උණන ඇගේ ජීවිත කතාව

ගෝමරී තම පෙම්වතාට පණ දෙවැනිකොට ආදරය කළා : දෙනෙතට කදුළු උණන ඇගේ ජීවිත කතාව

මිය ගිය තරණී නිරන්තරයෙන්ම වත මඬලේ රැඳි සිනහව ඇයට ගෙන ආවේ ප්‍රියමනාප බවකි. නිල්වන් මිණි කැට යුගලක්‌ බඳු නෙත් සඟල ඇයගේ සුන්දරත්වය තවත් ඔප් නැංවූවාය. උරහිසට මඳක්‌ පහළට වන්නට වැවී තිබුණ වරලස ඇයගේ සුන්දරත්වය සර්ව සම්පූර්ණ කළේය. වරක්‌ දුටු කෙනෙක්‌ යළි කිහිපවරක්‌ ඇය දෙස බලන්නේ වෙන කිසිවකුටත් සමකළ නොහැකි අමුතුම සුන්දරත්වයක්‌ ඇය කෙරෙන් දිස්‌වූ නිසාය. නමින් ඇය තරණි සිරිවර්ධනයි.

තරණිගේ උපන්ගම සහ පදිංචි ප්‍රදේශය වනුයේ පන්නිපිටිය, කළල්ගොඩයි. එම ප්‍රදේශයේම ජනප්‍රිය පාසලක ඇය පාසල් අධ්‍යාපනය හැදෑරුවාය. බහ තෝරන වයසේ සිට සිරිවර්ධන පවුලේ “සුරතලිය” ලෙස කිරුළු පැළඳුවේ ඇයයි. කිසිවකුටත් කරදරයක්‌ නොවී තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කර ගැනීමට ඇය කුඩා කල සිටම පුරුදු වූවාය.

පාසලේ දී ඇය අන් අයටත් ආදර්ශවත් ශිෂ්‍යාවක්‌ ලෙස හැසිරුණාය. යමක්‌ කමක්‌ තේරෙන වයසේ සිට තරණිගේ එකම අධිෂ්ඨානය වූයේ සරසවි වරම් ලබා ගැනීමයි. සුන්දරත්වය නිසා පාසල් සමයේදී ඇයගේ ආදරය පතා බොහෝ තරුණයෝ පැමිණියහ. එහෙත් එම කිසිම තරුණයකුට ඇයගේ සිත දිනා ගැනීමට නොහැකි වූහ. තරයේම තම අධිෂ්ඨානයේ සිටි ඇය දෙමාපිය බලාපොරොත්තුද ඉහළ නංවමින් සරසවි වරම් හිමිකර ගත්තාය.

මෙලොව උපදින සෑම කෙනෙකුම හොඳ විවිධ චරිත ලක්‍ෂණවලින් යුක්‌ත වූවෝ වෙති. තරණිද එලෙසය. ඇයගේ ජිවිතයේ ලොකු දුර්වලකමක්‌ තිබුණි. ඒ සුළු සිදුවීමකට පවා ඇය සිතින් දුක්‌වී මානසිකව ඇද වැටීමයි. කුඩා කල සිටම එම දුර්වලකම ඇයට හොඳින් පිහිටා තිබුණි. එමනිසා කිසිදු සිත් තැවීමකට ඉඩ නොදී දෙමාපියෝ ඇයව රැකබලා ගත්හ.

දහසක්‌ බලාපොරොත්තු සිතේ පොදි කරගෙන තරණි පේරාදෙණිය සරසවියට පිය මැන්නේ දැනට වසර හතරකට ඉහතදීය. එම සරසවියේ විද්‍යා පීඨයට ඇතුළු වූ ඇය එම අංශයෙන් වැඩිදුර අධ්‍යයන කටයුතු හැදෑරුවාය. ජීවිතයේ කිසි දිනක අත්නොවිඳි සරසවි ජීවිතයට ඇය ඉතා ඉක්‌මනින් හුරු වූවාය. තරණිගේ දෙමාපියන්ටද එය ඉමහත් සතුටක්‌ වූහ.

නිරන්තරයෙන්ම මුහුණෙහි රැඳි කෙළිලොල් සිනහව නිසා සරසවියේ ඇය ජනප්‍රිය චරිතයක්‌ බවට පත්විය. කා සමඟත් සුහදව කතා බස්‌ කරන ඇයව සරසවිය තුළ හැඳින්වූයේ “ගෝමරී” යන අන්වර්ථ නාමයෙනි.

සරසවිය තුළදී ද තරණි නොහොත් ගෝමරීගේ අත පතා බොහෝ තරුණයෝ පැමිණියහ. එහෙත් ඒ කිසිවකුටත් තරණිගේ සිත දිනා ගැනීමට නොහැකි විය. ඒ වන විට තරණිගේ සරසවි යෙහෙළියෝ සියලු දෙනාම පාහේ පෙම්වතියන් වී සිටියාහ. ඔවුහු තම පෙම්වතුන් ගැන කියන නොයෙක්‌ කතා ඇය හොඳින් අසා සිටියාය.

කලක්‌ ගතවෙද්දී ඇයට පෙම්වතියක්‌ වීමට වුවමනා වූවාය. ක්‍රම ක්‍රමයෙන් ඇයගේ සිත තුළද ආදර හැඟුමන් මෝදු විය. ඒ වන විට සරසවියේ තරණිගේ වසරේ සිසුවෙක්‌ද ඇයට ආදර යෝජනාවක්‌ ගෙනැවිත් තිබුණි. ඔහුව අපි රවිඳු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නෙමු.

තරණිගේ සිතේ ඇඳී තිබුණ පෙම්වතාගේ සියලු ගති ලක්‍ෂණ රවිඳු කෙරෙන් ඇය දුටුවාය. මේ ආත්මයේ තමාට දෙවියන් ලබා දුන්නේ රවිඳු බව ඇය යටි සිතින් සිතුවාය. එමනිසා කල්නොයවාම රවිඳුට ඇයගේ ආදරය පුද කළාය. කලක්‌ ගතවන තුරු මෙම ආදර සම්බන්ධය දැන සිටියේ ඉතාමත් සීමිත පිරිසකි.

“ආදරයයි, කැස්‌සයි සඟවන්න බැහැ” කියා කියමනක්‌ අපි සමාජයෙන් අසා ඇත්තෙමු. එය සනාථ කරමින් කලක්‌ යද්දී තරණිලාගේ ආදර සම්බන්ධයද සරසවියේ බෙහෝ දෙනකු දැන ගත්හ. රහසේ බැඳි පෙම එළිවූ පසු සමහර යහළු යෙහෙළියෝ විහිළුවට මෙන් උසුළු විසුළු කළේ ඇයව තරහ ගැන්වීමටයි. එහෙත් කිසි දිනක ඇයට තරහ නොගියාය. සිනාමුසු මුහුණින් යුතුව “ඇයි අපිට ආදරය තහනම්ද” කියා ඇය ඔවුන්ගෙන් ඇසුවාය.

තරණි තම පෙම්වතාට පණ දෙවැනිකොට ආදරය කළාය. නිදහසක්‌ ලැබෙන සෑම මොහොතකම ඇය ඔහු මුණ ගැසුණාය. උදෑසන අවදි වී යළි නිදියන තුරා දහස්‌ වාරයක්‌ ඇය තම ආදරණීය පෙම්වතා ගැන විවිධ සිහින මැව්වාය. සමහර දිනවල සිහිනෙන් පවා ඇයට පෙනුණේ තම ආදරණීය පෙම්වතාවයි. කොටින්ම කියතහොත් ඒ ආදරය ඇයගේ ලේ, මස්‌, ඇටමිදුළු වලටම කා වැදී තිබුණාය.

පෙම්වතාගේ සුළු වෙනස්‌වීමකදී පවා ඇය දින ගණන් නොකා නොබී තනිවම හැඬුවාය. තරණිගේ තවත් එක්‌ දුර්වලකමක්‌ තිබුණි. ඒ තම ගැටලු කිසිවකුටත් කීමට ඇය අකමැති වීමයි. මොන ප්‍රශ්නය ආවත් ඇය එය තනිවම විසඳා ගැනීමට උත්සාහ කළාය. මොන ප්‍රශ්න ජිවිතයට ආවත් ඒවාද විඳ ගනිමින් ඉගෙනීමේ කටයුතුද ඇය සාර්ථකව සිදු කළාය.

හැලහැප්පීම් මැද තරණිගේ සරසවි ජීවිතය සහ ආදර ජීවිතය ඉතා වේගයෙන් ගෙවී යමින් තිබුණි. අවසාන විභාගයට මාස කිහිපයකට පෙර නොසිතූ මොහොතක ඇයගේ පෙම් සබඳතාව බිඳ වැටුණි. එයින් අන්ත අසරණ වූ ඇය දහස්‌ වාරයක්‌ ජීවිතය හානිකර ගැනීමට කල්පනා කළාය. එහෙත් තම ආදරණීය පෙම්වතා ජීවත්ව සිටින නිසා කෙළෙස හෝ යළි ඔහු සමඟ ආදර සම්බන්ධතාව ගොඩනඟා ගන්නා බව අධිෂ්ඨාන කර ගනිමින් ජීවත් වූවාය.

හැරගිය පෙම්වතා යළි තමාගේ කරගැනීමට ඇය නොකළ දෙයක්‌ නොමැත. ඒ වන විටත් තම ජීවිතයේ ආදරය ඇතුළු බොහෝ දේවල් ඇය ඔහු වෙනුවෙන් පුද කර තිබුණාය. ඇයට වුවමනා වූයේ මේ ආත්මයේ පමණක්‌ නොව උපදින සෑම ආත්මයකම ඔහු ඇයගේ කර ගැනීමටයි.

ප්‍රේමයේ විරහව නිසා සිත තුළ ඇතිවුණ දුක්‌ ගින්දර කිසිවෙකුටත් නොපෙන්වා සරසවියේ අවසන් විභාගයටද ඇය සාර්ථකව මුහුණ දුන්නාය. අනතුරුව දහසක්‌ බලාපොරොත්තු සිත තුළ කැටි කරගෙන පළමු දින සරසවියට පිවිසි දොරටුවෙන්ම බලාපොරොත්තු සියල්ල සුන් වූවකු මෙන් යළි ඇය පිටවුවාය.

නිවසට පැමිණියත් ඇයගේ සිත තිබුණේ පේරාදෙණිය සරසවියේ තම පෙම්වතා සමඟ ගතකළ සොඳුරු කාලය තුළයි. දහවල් කාලයේ නිවැසියන් ඉදිරියේ කඳුළු හෙළීමට අකමැති වූ ඇය රාත්‍රී කාලයේ නිදි වර්ජිතව ඉකි ගසමින් කඳුළු සැලුවේ තම සොඳුරු අතීතය අමතක කිරීමට නොහැකි වූ නිසාය.

විරහ වේදනාවෙන් පිරි ජීවිතයේ අමාරුම කාලය ඇය ගත කළාය. ඒ අතර සරසවියේ විභාග ප්‍රතිඵල නිකුත් විය. පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ ශාස්‌ත්‍රවේදී උපාධිය ඇය ඉතා ඉහළින් සමත් වී තිබුණාය. ඒ නිසාම සරසවියේ ආධුනික කථිකාචාර්යවරියක්‌ ලෙස සේවය කිරීමේ අවස්‌ථාවද ඇයට හිමි විය.

උපාධිය ලබා ගැනීමත්. ආධුනික කථිකාචාර්යවරියක ලෙස පත්වීම ලැබීමත් අන් අයට සතුට ගෙන දෙන කාරණයක්‌ වුවත් තරණිට එසේ නොවුණි. ඇයගේ ජීවිතයේ වටිනාම සම්පත වූයේ තම පෙම්වතායි. ඔහු නොමැතිව ලැබුණු කිසි දෙයකින් ඇය සෑහීමකට පත් නොවීය. කෙනෙකුට එය අනුවණ ක්‍රියාවක්‌ ලෙස දැකිය හැකිය. එහෙත් සත්‍ය ප්‍රේමය හමුවේ එය අනුවණ ක්‍රියාවක්‌ යෑයි ඇය නොසිතුවාය.

තරණිගේ උපාධි ප්‍රදානෝත්සවය දින ඇයගේ සිතේ තිබුණ අවසාන බලාපොරොත්තුවද සුන් වූවාය. ඒ තම පැරැණි පෙම්වතා ගැන කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක්‌ අසන්නට ලැබුණු නිසාය. එතැන් සිට ඇය මැරී මැරී ඉපදුණාය. සිතේ තිබෙන දුක ඇය කාටවත් කීමට අකමැති වූ නිසා තනිවම එය විඳ ගත්තාය.

ප්‍රේමය නිසා මැරෙනවාද, ජීවත් වෙනවාද කියා සති ගණනක්‌ ඇය එක දිගට කල්පනා කළාය. අවසානයේ ජීවත් වුවහොත් තමාට මැරි මැරී ඉපදීමට සිදුවන බව ඇයට අවබෝධ වූවාය. එම නිසා සියලු දේ අතහැර ජීවිතයෙන් සමුගන්නා බවට ඇය තීරණය කළාය.

ජිවිතය හානිකර ගන්නේ කෙසේද කියා දින කිහිපයක්‌ ඇය කල්පනා කළාය. දෛවය කොතරම් කුරිරුද යන්න ආදරයෙන් බොළඳ වූ ඇයගේ එම සිතුවිල්ල වෙනස්‌ කිරීමට සමත් කිසිවෙකුත් මිහිපිට නොසිටියහ. අවසානයේ ඇය ස්‌ථිර ලෙසම දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට අදිටන් කර ගත්තාය.

දිනය පසුගිය තුන්වැනි සෙනසුරාදාය. කොළඹ – බදුලු දුම්රිය පේරාදෙණිය කළු පාලම ආසන්නයට ළඟා වෙමින් තිබුණි. ඒ වන විටත් අවුරුදු විසිපහක්‌ පමණ වයසැති තරණි සිරිවර්ධන එම පාලම අසලට පැමිණ තිබුණි. ඒ දුම්රියට පැන සියදිවි නසා ගැනීමටයි. කිසිවක්‌ නොදත් සිත් පිත් නොමැති යකඩ යකා වේගයෙන් කළු පාලම පසු කිරීමට සැරසුණේය.

දුටු දෙයින් එක්‌ වරම තුෂ්ණිම්භූත වූ රියදුරුට කරගත හැකි දෙයක්‌ නොවූ නිසා තත්ත්පර කිහිපයක්‌ දෑස්‌ පියා ගත්තේය. ඒ වන විටත් සිත් පිත් නොමැති යකඩ යකා ප්‍රේමයේ විරහ වේදනා විඳිමින් ජීවිතය අපායක්‌ කරගෙන සිටි තරණි සිරිවර්ධනගේ හිස කඳින් වෙන්කර තිබුණි.

-නිම. ගයාන් සමරසිංහ දිවයින-

ආදරේ කරන්න.. ආදරේට කවදාවත් දුක් දෙන්න එපා.. සෙල්ලමට බොරුවට ආදරේ කරලා අහිදංස ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා…

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!