page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / Education / මේ අංකයෙන් ඔබටත් මිස් කෝල් ආවා ද? අමාරුවේ වැටෙන්න කලින් ඇත්ත මෙන්න

මේ අංකයෙන් ඔබටත් මිස් කෝල් ආවා ද? අමාරුවේ වැටෙන්න කලින් ඇත්ත මෙන්න

ඊයේ (11) දිනය තුළ දී ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථනවලට නොදන්නා විදෙස් අංකයකින් මඟ හැරුණු ඇමතුමක් (Missed call) ලැබී ඇති බව වාර්තා වේ.

+1 (767) 502-7697,+1(767) 502 – 7690 යන අංකයෙන් මෙම ඇමතුම ලැබී තිබෙන අතර විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ මෙය ‘One Ring’ Scam අංකයක් බවයි..

එනම් මෙය සංවිධානාත්මකව සිදුකෙරෙන ක්‍රියාවක් වන අතර මෙම මඟ හැරුණු අංකයට යළි ඇමතුමක් ගත් විගස ජාත්‍යන්තර දුරකථන ගාස්තුව ඇතුළුව මුදල් ගෙවා ලබා ගත යුතු විවිධ සේවාවන්වලට ස්වයංක්‍රීයවම සම්බන්ධ වීමක් සිදුවනු ඇත. ඉන් අනතුරුව ක්‍රමානුකූලව ග්‍රාහකයාගේ දුරකථනයෙන් ගාස්තු අයවීමක් සිදුවේ. මෙය වරකට ඩොලර් 20 ක් පමණ මුදලක් වනු ඇති බව සඳහන් වේ..

එබැවින් නොදන්නා ජාත්‍යන්තර දුරකථන අංකවලින් මඟ හැරුණු ඇමතුම් ලැබී තිබිය දී ඒවා හට නැවත වරක් අංකනය කිරීම නොකළ යුතු දෙයක් බවට අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ.

මේ ගැන ඔයාලාගේ යාළුවන්වත් දැනුවත් කරන්න share කරන්න

Check Also

මැදියම් රැයේ පිරිමින් සොයා එන බෝදිලිමාගේ ඇත්ත කතාව මෙන්න

මිනිසුන් බිය කරවන අදෘශ්‍යමාන භූතයින් හෝ භූත කොටස් අප අතර ඇතැයි යන විශ්වාසයක් මුල් බැස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!