page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / පිටරට සිට තමා උපයන මුදලින් ලංකාවේ අසරණ මිනිසුන්ට පිහිටක් වන අපේ කාලයේ තරුණයා

පිටරට සිට තමා උපයන මුදලින් ලංකාවේ අසරණ මිනිසුන්ට පිහිටක් වන අපේ කාලයේ තරුණයා

අද සමාජයේ බොහෝ දුරට යමෙක් තවත් අයෙක් වෙනුවෙන් දෙයක් කරන්නේ නැවත පෙරලා තවත් යමක් බලාපොරොත්තුවෙන්. අපේම මිනිසුන්ගේ මුදල් වලින් අසරණ වුන ජනතාවට පිහිටක් වන පමණක් මාධ්‍ය ආයතන තමන්ගේ නම අමරණීය කර ගැනීමට රට පුරා බොහොමයක් ප්‍රජා සත්කාරයන් කරනු ලබනවා. නමුත් අද ශ්‍රී ලංකා තුලින් අද අපි ඔබට කියන්න යන්නේ තමන් උපයන මුදලින් අපේ රටේ පිහිටක් සොයන අපේම අසරණ ජනතාව වෙනුවෙන් හැංගිලා ඉඳගෙන පිහිටක් වෙන නූතනයේ වෙස්සන්තර කෙනෙක් ගැන. මේ අපි ඔහු සමගින් සිදු කළ කථාබහකි.

1. දීෂ් කොහොමද ජීවිතේ

ජීවිතේ දුක, සැප සමබරව ගෙවීගෙන යනවා.

2. මොනවද දීෂ්ගෙ ජීවිතේ අළුත්ම තොරතුරු

අලුත්ම තොරතුරු කියන්නේ, දැන් මට අවුරුද්දක පුතෙක් ඉන්නවා. එයාගෙ නම ආකේශ්. පවුලත් එක්කල කාලය ගත කරන එක තමයි මේ දවස් වල වැඩියෙන් වෙන්නේ.

3. ඇත්තටම දීෂ් කියන්නෙ කවුද ?

මම ඇත්තටම කවුද කියල මගේ වටේ ඉන්න අය තමයි හරියටම දන්නේ. ????????????

4. ඔබ රටේ ජනප්‍රිය චරිතයක් නෙවෙයි. නමුත් රටේ ජනප්‍රිය චරිත නොකරන බොහොමයක් වැඩ ඔබේ අතින් සිදු කරලා තියෙනවා. මම හරි නේද ?

ජනප්‍රිය චරිත ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ඒකෙන් එයාලට ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන්. මම වැඩ කරන්නේ, දුප්පත් / අසරණ අයට ඇත්තටම පොඩි අත්වැලක් අවශ්‍ය නිසා. ඒකෙන් එයාලගෙ සතුටෙන් මටත් සතුටු වෙන්න පුලුවන් නිසා.

5. දීෂ් ඔබ ගැන සඳහනක් කළොත්

මම දැනට ඉන්නේ ස්විට්සර්ලන්තයේ. ඒත් මගේ ගම කුලියාපිටිය. මගේ සහකාරිය චමුදි ත් ගොඩක් මේ වැඩ වලට මට උදවු කරනවා. අපිට දැන් අවුරුද්දක පුතෙක් ඉන්නවා. නම ආකෙශ් බන්නැහැක.

6. ආකේෂ් – ඔබේ ජීවිතයට දිය බිඳක් මොකක්ද මේ සමාජ සත්කාරය කියලා කිව්වොත්

ගොඩක් මිනිස්සු අසරණ වෙන්නේ හිතාගෙන නෙවෙයි. ඒ වගේ මිනිසුන්ට අපිට යම් හෙයකින් උදවුවක් වීමට හැකිනම් කියල තමයි මේක පටන් ගත්තේ.

7. ඇත්තටම අද අපේ රටේ බොහොමයක් උදවිය වගේම මාධ්ය ආයතන පවා අසරණ මිනිස්සුන්ට උදව් වෙන්නෙ නම ගෙනියන්න බලන්. දීෂ් ඇයි හැංගිලා වැඩ කරන්නෙ.

හැංගිලා නෙවෙයි. නම ගෙනියන්න දරන ශ්‍රමය/කාලය/මුදල් වලින් අපිට තවත් කෙනෙකුට කිසියම් හෝ උපකාරයක් කල හැකි නිසා.

8. මොනවද මේ වෙද්දි දීෂ් අපේ සරණක් නැති මිනිස්සු වෙනුවෙන් කරලා තියෙන්නෙ.

පුතාගෙ පලවෙනි අවුරුද්ද වෙනුවෙන් ලමයි 3 දෙනෙක් ඉන්න අසරණ පවුලකට කාමර 3ක් සහිත අංගසම්පූර්න ගෙයක් හදල දුන්නා. මේ දවස් වල A/L IT කරන, ඒත් කොම්පුටර් එකක් නැති ලමයි හොයල, එයාලට කොම්පියුටර් අරන්දෙනවා. තව ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති එහෙම කට්ටියට උදවු කරල තියෙනවා. ඒ වගේ පොඩි පොඩි වැඩ ටිකක් තමයි කරගෙන යන්නේ. මේ වැඩ වලදි මට ශ්‍රමයෙන් මගෙ සහෝදරයො වගේ යාලුවො කිහිප දෙනෙක් දිවා රෑ නොබලා උදවු කරනවා. ඒ තමයි අකලංක, ජයම්පති, ක්‍රිශාන්, බලගල්ල.

9. දීෂ් සමාජයට සේවය කරනවා වගේම හොඳ ගායකයෙක්. එහෙම නේද ?

කාලයක් මියුසික් කෙරුවා. ඒත් දැන් ඒකට වෙලාවක් නෑ. ඒත් පුලුවන් වෙලාවට පොඩියට දෙයක් කරනවා.

10. ඇයි සමාජෙන් හැංගිලා මිනිස්සුන්ට උදව් උපකාර කරන්නෙ.

එලියට ඇවිල්ල උදවු කෙරුවත්, හැංගිලා කෙරුවවත්, අවසාන ප්‍රතිපලය එකයි. මොකද කවදා හරි අපිට ඉතිරි වෙන්නෙ අපි කරපු දෙයක් විතරයි.

11. අනාගතේ දේශපාලනයට වත් සම්බන්ධ වෙන්න අදහසක් එහෙම දීෂ්ට තියෙනවද ?

කවදාවත් නෑ. මට මගේ තාත්තව නැති උනේ මට මාස 9න්. ඒ තාත්ත දේශපාලනේ කරන්න ගිහිල්ල. ඒක හිංද කවදාවත් දේශපාලනයට නම් එන්න අදහසක් නෑ.

12. මොකක්ද දීෂ්ගෙ බලාපොරොත්තුව අපේ රටේ ඉන්න අසරණ මිනිස්සු වෙනුවෙන් තියෙන.

මිනිස්සු දැනුමෙන් පෝෂනේ උනු දවසට, අසරණ කමක් නැති වෙයි. පුලුවන් විදිහට දැනුම ලබා දීම තමයි එකම පරමාර්ථය.

13. ඔබගෙන් උපකාරයක් අවශ්‍යව අසරණ අපේම මිනිසුන්ට ඔබේ පිහිට ඕන වුනොත් ඔබව සම්බන්ධ කරගන්න විදියක් තියෙනවද ?

මම ෆේස් බුක් එකේ ඉන්නවා Deesh Banneheka. නැත්තම් Aakesh – ආකේශ් – අසරණ ඔබට දිය බිඳක් පේජ් එකෙන් සම්බන්ධ කරගන්න පුලුවන්.

පිටරට සිට තමා උපයන මුදලින් ලංකාවේ අසරණ මිනිසුන්ට පිහිටක් වන අපේ කාලයේ තරුණයා
පිටරට සිට තමා උපයන මුදලින් ලංකාවේ අසරණ මිනිසුන්ට පිහිටක් වන අපේ කාලයේ තරුණයා
පිටරට සිට තමා උපයන මුදලින් ලංකාවේ අසරණ මිනිසුන්ට පිහිටක් වන අපේ කාලයේ තරුණයා
පිටරට සිට තමා උපයන මුදලින් ලංකාවේ අසරණ මිනිසුන්ට පිහිටක් වන අපේ කාලයේ තරුණයා
පිටරට සිට තමා උපයන මුදලින් ලංකාවේ අසරණ මිනිසුන්ට පිහිටක් වන අපේ කාලයේ තරුණයා
පිටරට සිට තමා උපයන මුදලින් ලංකාවේ අසරණ මිනිසුන්ට පිහිටක් වන අපේ කාලයේ තරුණයා
පිටරට සිට තමා උපයන මුදලින් ලංකාවේ අසරණ මිනිසුන්ට පිහිටක් වන අපේ කාලයේ තරුණයා
පිටරට සිට තමා උපයන මුදලින් ලංකාවේ අසරණ මිනිසුන්ට පිහිටක් වන අපේ කාලයේ තරුණයා

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!