page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / සා.පෙළ විභාගයට අයදුම් කිරීම අනිද්දායින් අවසන්

සා.පෙළ විභාගයට අයදුම් කිරීම අනිද්දායින් අවසන්

අ.පො.ස (සා/පෙළ) නව/පැරණි විභාගය 2017 සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් භාරගැනීම අනිද්දා (15) අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

මෙම විභාගය සඳහා අයදුම්කිරීමට අපේක්ෂිත පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් නියමිත විභාග ගාස්තු තැපැල් කාර්යාලයකට ගෙවා ලබාගත් කුවිතාන්සිය අදාළ ස්ථානයේ අලවා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් ද අන්ද්දාට හෝ ඊට පෙර ලැබෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව වෙත යැවිය යුතුය.

නියමිත දිනට පසුව යවනු ලබන අයදුම්පත් භාර නොගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!