page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / ගෘහ සේවිකාවකට ඉතිහාසයේ ලැබුණු ඉහළම හිග වැටුප සෞදියෙන්

ගෘහ සේවිකාවකට ඉතිහාසයේ ලැබුණු ඉහළම හිග වැටුප සෞදියෙන්

වසර 15ක් වැටුප් රහිතව මැද පෙරදිග සේවයේ නියුතු කාන්තාවකට රුපියල් ලක්‍ෂ 49ක හිඟ වැටුපක් ලබා දී තිබෙනවා.

ඒ අමාත්‍ය තලතා අතුකෝරළගේ මැදිහත්වීමෙනුයි.මඩකලපුව එරාවුර් හි පදිංචි ඥානප්‍රකාශම් නිශාන්තිනී නමැති මෙම කාන්තාව විදේශ ගතව ඇත්තේ වයස අවුරුදු 14දී. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමකින් තොරව ව්‍යාජ තොරතුරු සපයනමින් ඇය විදේශ ගතව තිබෙනවා. සෞදි අරාබියේ ගෘහ සේවිකාවක වශයෙන් එකම නිවසක වසර 15ක් සේවය කර ඇති ඇයට වැටුප් කිසිවක් ලැබී නැහැ.

2015 වසරේදී ඇය සෞදි තානාපති කාර්යාලයේ කාන්තා සුබ සාධන මධ්‍යස්ථානයට ද ඒ පිළිබඳ පැමිණිලි කර තිබුණා. මෙම තොරතුරු දැනගත් අමාත්‍ය තලතා අතුකෝරළ සෞදි තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්නට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව සෞදියේ කම්කරු අමාත්‍යාංශයට ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද ඔහු කටයුතු කළා. ඒ අනුව ඇයට හිමි රුපියල් ලක්‍ෂ 49ක හිඟ වැටුප ලබා දීමට එරට කම්කරු අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. මෙම මුදල ඉතිහාසයේ ගෘහ සේවිකාවකට ලබා දුන් ඉහළම හිඟ වැටුප් ප්‍රමාණය ද වනවා.

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!