page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ රියෑදුරු අත්තඩංගුවට

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ රියෑදුරු අත්තඩංගුවට

කොරතොට ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ගල්කොරියක්‌ පවත්වාගෙන යැම ඇතුළු චෝදනා කිහිපයක්‌ යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ රියෑදුරකු ලෙස කටයුතු කළ කපිතාන් තිස්‌ස විමලසේන නමැත්තා ලබන 27 වැනිදා දක්‌වා රක්‌aෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් චානිමා විඡේබණ්‌ඩාර මහත්මිය ඊයේ (13 දා) පස්‌වරුවේ නියෝaග කළාය.

අනවසරයෙන් ගල්කොරියක්‌ පවත්වාගෙන යන බවට ලැබී ඇති පැමිණිල්ලක්‌ සම්බන්ධයෙන් සිදුකරන පරීකAෂණ සඳහා ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙසට කළ දැනුම්දීමක්‌ අනුව තිස්‌ස විමලසේන මහතා ඊයේ පස්‌වරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයට ගොස්‌ තිබුණි. එම කරුණ සම්බන්ධයෙන් මෙන්ම අයථා මුදල් ගනුදෙනුවක්‌, වාහන අවභාවිතයක්‌ සම්බන්ධයෙන් ද එහිදී ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගත් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සැකකාර කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

-දිවයින පුවත්පත

Check Also

ශිරන්ති රාජපක්ෂ රහස් පොලිසියට | පොලිසිය ජල ප්‍රහාරක රථ සමගින් සූදානමින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම සඳහා ශිරන්ති රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!