page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Maithripala sirisena / කැබිතිගොල්ලෑව සොහොනක මෛත්‍රිට හූනියම් කරලා තඹ පත්‍රිකාවක නමත් කොටලා

කැබිතිගොල්ලෑව සොහොනක මෛත්‍රිට හූනියම් කරලා තඹ පත්‍රිකාවක නමත් කොටලා

කැබිතිගොල්ලෑ පදවිය ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි සොහොන් පිටියක තිබී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනකුට සහ පුත‍්‍රයකුට වින කරමින් සිදුකළ හදි හූණියමක් සහිත තඹ පත‍්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන, උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න ඒ මහතාගේ පුත‍්‍රයා වන තුසිත ගුණරත්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක නීතිඥ, අමිල දිසානායක හා රවීන්ද්‍ර දිසානායක යන මහත්වරුන්ගේ නම් හා ඊට අඳින ලද රූප තඹ පත‍්‍රිකාවේ දක්නට ලැබුණි.

මීට සති කිහිපයකට ඉහතදී කිසියම් අයෙකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා විසින් අඟල් දහයක් පමණ දිග තඹ පත‍්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නාමයන් ලියා එහි තිරස් අතට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා තිබුණි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපති මැතිවරණය සමයේදී ප‍්‍රසිද්ධියට පත් වූ ඉන්දීය අගමැති නරෙන්ද්‍ර සිං මෝදි මහතා පැළඳි ජැකට්ටුව ඇඳ සිටින අයුරු හූනියම් තහඩුවේ ඇද ඇති ආකාරය දකින්නට ලැබේ.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!