page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / LTTE / දෙමළ ඊළම වෙනුවෙන් සටන ක්‍රියාත්මකයි – ටී. එන්. ඒ. මන්ත්‍රී ශ්‍රීධරන් කියයි

දෙමළ ඊළම වෙනුවෙන් සටන ක්‍රියාත්මකයි – ටී. එන්. ඒ. මන්ත්‍රී ශ්‍රීධරන් කියයි

දෙමළ ඊළම වෙනුවෙන් වූ සටන ක්‍රියාත්මක බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් රටින් පිටත ඊළාම් රාජ්‍යයේ පාර්ලිමේන්තු සැසිවාරයක්‌ අමතමින් පසුගියදා සඳහන් කර ඇත.

මෙම පාර්ලිමේන්තු සැසිවාරය ඉකුත් දා ඇමරිකාවේදී පැවැති අවස්‌ථාවේ ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ අදහස්‌ දක්‌වා තිබෙන ශ්‍රීධරන් මන්ත්‍රීවරයා රටින් බැහැර ඊළාම් රජය මගින් දෙමළ මාතෘ භූමියේ සටන මෙහෙයවමින් සිටින බව ද පවසා තිබේ.

විශ්වාසය පදනම් කරගෙන ආණ්‌ඩු පෙරළියක්‌ සඳහා දෙමළ ජනතාව ඡන්දය ලබා දුන්නද, අද යහ පාලනය දෙමළ ජනතාවගේ විශ්වාසය ඉටුකිරීම පැහැර හරිමින් සිටින බව ද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර ඇත.

-දිවයින

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!