page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / තරු හුට පට / චිත්‍රපටයේ රඟපාද්දී ආදරයක් ඇති වුණේ කාටද? : මෙන්න තවත් අලි කතාවක්

චිත්‍රපටයේ රඟපාද්දී ආදරයක් ඇති වුණේ කාටද? : මෙන්න තවත් අලි කතාවක්

සඳනි තාරුකා වන්නිආරච්චි කියන්නේ අලි කතාව තුළින් මේ දිනවල ජනතාවගේ පැසසුමට ලක්ව සිටින තරුණ රංගන ශිල්පිනියක්. දෙවන වරටත් අලි කතාව හරහා තාරුකා රජ බිසවක් වූ නිසා අපිට ඇයගෙන් අහන්නත් ප්‍රශ්න කිහිපයක් තිබුණා.

අලි කතාව නිසා තාරුකාට ආයෙමත් සිනමාවේදී රජ බිසවක් වෙන්න ලැබිලා නේද?
ඔව්. මාව අලි කතාව සඳහා තෝරා ගත්තේ එහි අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා. ඇත්තටම සුනිල් සර් ඔහුගේ චිත්‍රපටයකට මාව තෝරාගත්තා කිව්වම මට හිතාගන්නත් බැරි වුණා. ඒ වෙලාවේ තමයි මට දැනුණේ රංගන ශිල්පිනියක් විදිහට මම සාර්ථක වෙලා කියලා. සුනිල් සර් මහාචාර්යවරයෙක් වුණාට හරියට ‍පොඩි ළමයෙක් වගේ. ඒ දැවැන්ත සුන්දර මිනිසා තමයි දෙවැනි වරටත් මාව රජ බිසවක් කළේ.

තාරුකා අලි කතාවේ රජ බිසවගේ චරිතය ප්‍රතිනිර්මාණය කළේ කොහොමද?
මම නිරූපණය කරන්නේ සුරංගනා කතාවක රජ බිසවගේ චරිතයයි. ඇය දරුවන් නැති අම්මා කෙනෙක්. ඇයගේ නොවන දරුවන්ටත් ඇය ආදරය කරන්නේ උතුරායන මව් සෙනහසකින්. අනිත් ළමයි තමන්ගේ නොවන ගානට සලකන සමාජයක අලි කතාව හැමෝටම හොඳ ආදර්ශයක්. මම හිතන්නේ හොඳම කා‍ලේදි තමා අලි කතාව එළියට ඇවිත් තියෙන්නේ.

අලි කතාව රූගත කරද්දී තාරුකාට අනතුරකටත් මුහුණ දෙන්න සිදුවුණාලු නේද?
ඒ ගැන මතක් වෙනකොටත් තවමත් බය හිතෙනවා. තායිලන්තයේ වැවක රූගත කළ දර්ශනයක් තිබුණා මට, පුංචි පුතාව එකපාරටම දැකලා එයාගේ පසුපස යන. එයාගේ පස්සෙන් යනකොට වතුරට පැනලා ගහක් බදාගෙන මට අඬන්නයි තිබුණේ. ඒ වෙලාවේ මම පහළට බහිනකොටම මාව ලිස්සලා ගියා. මගේ හොඳ වෙලාවට කිසිම කරදරයක් වුණේ නැහැ. මේ දර්ශනය ඒ විදිහටම චිත්‍රපටයට ඇතුළත් කරලා තිබෙනවා. ඒක දකිනකොට තමයි මම ලිස්සා ගිය තැනේ භයානකකම මට හොඳටම තේරුණේ.

චිත්‍රපටයේ රඟපානකොට තාරුකාට විශේෂ කෙනෙක් ගැන ආදරයක් ඇති වුණා කියන්නේ ඇත්තද?
අනේ ඔව්. ඒ තමයි අලි කතාවේ පුංචි අලි පැටියා. මම එයාට හරිම ආදරෙයි. ෂූටින් ඉවර වුණාට පස්සෙත් මට මවුලි කියන ඒ අලි පැටියා දාලා එන්න හිතුනේ නැහැ.

සිනමාවේ රජ බිසවගේ චරිතය තාරුකාට රඟපාන එක දැන් හොඳට හුරුපුරුදුයි නේද?
මහරජ ගැමුණු චිත්‍රපටයෙන් පස්සේ අලි කතාව තමයි මාව රජ බිසවක් කළේ. සිනමාවේ මේ වගේ දැවැන්ත චරිත සඳහා තේරී පත් වෙන්න නවක අයට ගොඩාක් අමාරුයි.

ඒ කියන්නේ තාරුකා වැඩිපුරම කැමැති රජ බිසවක්, මවක් වගේ චරිතවලටද?
මගේ නම් අකමැත්තක් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ පෙම්වතියක් වෙන්න බැහැ කියන එක ‍නෙවෙයි. මම ආච්චි කෙනෙක්ට වුණත් රඟපාන්න කැමැතියි. මොකද පෙම්වතියකටත් වඩා අම්මා කෙනෙක්ට, ආච්චි කෙනෙක්ට රංගනයේදී වැඩිපුර යමක් කරන්න පුළුවන්.

නර්තන දක්ෂතා පෙන්වන්න බැරි වුණ නිසා තාරුකාට සමහර නිර්මාණ අහිමි වුණා කියන්නේ ඇත්තද?
ඔව්. මට හොඳට නටන්න පුළුවන්. නමුත් ඒ සඳහා මුලින් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා නර්තනය සම්බන්ධ චිත්‍රපට ටෙලිනාට්‍යවලට මට ආරාධනා ලැබුණෙත් නැහැ. ඉතින් ‍පොඩි දුකකුත් තිබුණා. නමුත් පසුගියදා නිමාවුණු රූපවාහිනී රියැලිටි වැඩසටහනක් නිසා මගේ නර්තන හැකියාව රටම හඳුනාගත්තා. ඒ නිසාම නර්තනය සම්බන්ධ නිර්මාණවලට සහ ප්‍රසංගවලට දැන් මට ගොඩක් ආරාධනා ලැබෙනවා.

තාරුකාට “දුටුගැමුණු චිත්‍රපටයට ආරාධනා ලැබුණේ කුසුම් රේණු නිසාලු නේද?
සමහරු කියනවා මම කුසුම් රේණු තරුණ කා‍ලේ වගේමයි කියලා. ඒ වගේ නිසා තමයි දුටුගැමුණු චිත්‍රපටයේ විහාරමහා දේවියගේ තරුණ කා‍ලේට මාව තෝරාගත්තේ.

තාරුකාගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත්?
මට වයස 25යි. අම්මා, තාත්තා සහ අක්කා තමයි මගේ ජීවිතේ. ඒ වගේ අද තාරුකාව රටම හඳුනා ගත්තෙත් එයාලා නිසා. එයාලා තමයි මගේ පළමු ප්‍රේක්ෂකයෝ. මේකත් කියන්නම ඕනේ. තාරුකා පෙම්වතියක් නම් නොවේ. මගේ ආදරය තමයි මගේ පවුල.

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!