page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට මංගලගෙන් නියම පිළිතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට මංගලගෙන් නියම පිළිතුරක්

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් ජී.එස්.පී. ප්ලස් සහනය සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

2009 වසරේ මෙරට යුද්ධය අවසන් වූ වහාම රට සංවර්ධනය කරා ඉහළට ඔසවා තැබීම සඳහා කටයුතු කිරීමට අවස්ථාව තිබියදී ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ උපදේශකවරු ලංකාව ප්‍රපාතය කරා තල්ලු කිරීමට කටයුතු අරඹා ඇති බවත් ඉතා අසාධාරණ ලෙස ඉහළ වාණිජ පොළියක් යටතේ මුදල් ලබා ගෙන රට විශාල ණය උගුලක ඇඳ දැමු බවත් අනෙක් අතින් ශ්‍රි ලංකාව ජාත්‍යන්තරය තුළ හුදකලා කිරීමට කටයුතු කළ බවටත් මංගල සමරවීර මහතා චෝදනා කරයි.

මේ හේතුව නිසාවෙන්ම ජාත්‍යන්තරය තුළ ලංකාවට ආධාර ලබා දෙන ප්‍රධාන රටවල් බොහෝමයක් විවිධ අවස්ථාවන්හි ලංකාවට එරෙහිව වු බව ද සමරවීර මහතා අවධාරණය කර තිබේ.

තම ධූරකාලය අවසන් වීමට තවත් කල් තිබිය දීත් මහින්ද රාජපක්ෂ මහතා විසින්ම පවත්වන ලද ජනාධිපතිවරණයෙන් පරාජය වීම ඔහුට දරා ගත නොහැකි තත්ත්වයක් උදා කළ බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

මේ අතර “ජී.එස්.පී. ප්ලස් සම්බන්ධයෙන් රජය යථාර්ථයක් නොවන අපේක්ෂාවන් ඇති නොකළ යුතුයි”යන ශීර්ෂය යටතේ රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් වශයෙන් පත්වීමට ඉතා ආසන්න බැවින් ජී.එස්.පී. ප්ලස් පහසුකම් ලබාගැනීම ඉතා සුළු දෙයක් ලෙසය.

නමුත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමට රටක් තවදුරටත් යෝග්‍ය නොවීමට නම් එම රට, “ඉහළ ආදායම් ලබන රටක් ලෙස” වසර 03 ක් අඛණ්ඩව පැවති යුතු බවත් ලෝක බැංකුව විසින් වර්ගීකරණය කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

ඒ අනුව, ඉහළ ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හෙට දිනයේදී පත්වුවද, තවත් ඉදිරි වසර 03ක් සඳහා ජී.එස්.පී. සහනය ලබාගත හැකි බවත් එසේ නැතහොත්, ජී.එස්.පී. සහනයේ ප්‍රතිලාභ ලබාදීම ඉල්ලා අස්කර ගැනීමට තීරණයක් ගැනීමෙන් පසුව වුවද එය, තවත් ඉදිරි එක් වසරකට ක්‍රියාත්මක වෙන බව ද සමරසිංහ මහතා දක්වා ඇත.

-අද දෙරණ

Check Also

ශිරන්ති රජපක්ෂ වෙනුවෙන් කුලියට අඩන්න මිනිස්සු ඇදපු බස් ටික මෙන්න – වීඩියෝ.

රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක   පාට වෙනස් කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!