page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / දේශපාලන / Maithripala sirisena / කෝටි 25ක් වටිනා පර්චස් 40ක් කලුබෝවිල රෝහලට දන් දුන් දානපතිනියෝ

කෝටි 25ක් වටිනා පර්චස් 40ක් කලුබෝවිල රෝහලට දන් දුන් දානපතිනියෝ

නැසීගිය ගල්ගෙවල ගෙදර චන්ද්‍රාවතී ෆොන්සේකා මහත්මියට සහ ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මහත්මීන්ට අයත්ව තිබූ දෙහිවල, කළුබෝවිල, රෝහල පාර අංක 205 දරන ස්ථානයේ පිහිටි කෝටි 25 ක පමණ වටිනාකමින් යුත් පර්චස් 40 ක ඉඩම කළුබෝවිල ශික්ෂණ රෝහල සඳහා පරිත්‍යාග කර තිබේ.

ඊට අදාළ ඔප්පුව ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මහත්මීන් විසින් (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඔප්පුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත භාර දෙනු ලැබීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද එක්ව සිටියහ.

කෝටි 25ක් වටිනා පර්චස් 40ක් කලුබෝවිල රෝහලට දන් දුන් දානපතිනියෝ
කෝටි 25ක් වටිනා පර්චස් 40ක් කලුබෝවිල රෝහලට දන් දුන් දානපතිනියෝ

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!