page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / දේශපාලන / Ranil wickremesinghe / “ආගම්වලට ජාතීන්ට එරෙහිව ප්‍රචණ්‌ඩ ක්‍රියා බැහැ” අගමැති රනිල් අනතුරු හඟවයි

“ආගම්වලට ජාතීන්ට එරෙහිව ප්‍රචණ්‌ඩ ක්‍රියා බැහැ” අගමැති රනිල් අනතුරු හඟවයි

කිසියම් ජනවර්ගයකට හෝ ආගමකට විරුද්ධව ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරතවන අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව කිසිවිටෙකත් පසුබට නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.අරලියගහ මන්දිරයේදී ඊයේ (14 දා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් අගමැතිවරයා මෙසේද කියා සිටියේය.

යම්කිසි ජන වර්ගයකට, ආගමකට විරුද්ධව ප්‍රචණ්‌ඩ ක්‍රියාවල යෙදෙන පිරිස, එමෙන්ම වෛරය පැතිරවීමට ක්‍රියා කරන අයට විරුද්ධව නීතිය අනුව පියවර ගැනීම සඳහා පොලිසියට උපදෙස්‌ දීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කළා.

මෙම ක්‍රියාව අපේ ප්‍රතිපත්තිය යළිත් තහවුරු කිරීමක්‌ පමණයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 08 වැනි දා දිවුරුම් දුන්නේ මෙරට ප්‍රධානියා ලෙස සංහිඳියාව ස්‌ථාපිත කිරීමටයි. එමෙන්ම ජාතික එකඟතාව ඇති කිරීමටයි. වසර 30 ක යුද්ධයක පැටලී සිටි අප ඉන්පසුව මෙරට ජනතාව එකතු කර ඉදිරි ගමනක්‌ යාමට තීරණය කර තිබෙනවා.

අප සිංහලයකු, බෞද්ධයකු වීම පිළිබඳව ආඩම්බරයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයකු වීම පිළිබඳවත් ආඩම්බරයි. ශ්‍රී ලාංකිකයෙකු ලෙස මා සෑම ආගමකටම ගරු කරනවා. එමෙන්ම සෑම සංස්‌කෘතියකටම ගරු කරනවා. වෙනත් සංස්‌කෘතීන්, වෙනත් ආගම් හෙළා දකිනවා නම් ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයකු වීමට හැකියාවක්‌ නැහැ. යහපාලන රජය මෙරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක සමාන අයිතීන් සමඟ සාමයෙන් ජීවත් වීමට අවස්‌ථාව ලබා දෙනවා.

මුස්‌ලිම් ව්‍යාපාර සහ දේවස්‌ථාන කිහිපයකට පහර දීම නිසා ඇති වූ තත්ත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක්‌ කිරීමට පොලිසියට බාර දී තිබෙනවා. ඒ ගැන ක්‍රියා කොට තත්ත්වය සමථයකට පත් කරාවි.

ඕනෑම ආගමකට, ජන වර්ගයකට විරුද්ධව ක්‍රියා කරනවා නම්, ප්‍රචණ්‌ඩ ක්‍රියාවල යෙදෙනවා නම් ඔවුන් පිළිබඳව විභාග කොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ කටයුතු පොලිසිය විසින් විභාග කරනවා. ඇතැම් අවස්‌ථාවල නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එම එක්‌ කාරණයක්‌වත් අතහැර නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.

2014 වසරේ වූ ආගමික භේද හමුවේ ඇති වූ හානිය අප සියලුම දෙනා අත්දැක තිබෙනවා. එම ගැටුම්වලින් අප රටේ එකමුතු බවට හානියක්‌ ඇති වුණා. එමෙන්ම රටේ කීර්තිනාමයට හානියක්‌ වුණා. නැවත ඒ තැනට ගමන් කිරීමට අප සූදානම් නැහැ. එවැනි දේ කරන්නට ඉඩ දෙන්නෙත් නැහැ.

එම නිසා පොලිසිය මෙන්ම අනෙකුත් අදාළ ආයතන සියල්ලකටම නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීම සඳහා දැනුම් දී තිබෙනවා. අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නව නීති සම්පාදනය කර ගැනීමට ද හැකියාව තිබෙනවා.

Check Also

යහපාලනය දිගටම ගෙනයන්න මෛත්‍රි-රනිල් එකඟ වෙයි

යහපාලන ආණ්ඩුව මේ අයුරින්ම ඉදිරි වසර දෙකත් පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!