page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / bad weather / ප්‍රවේසමෙන් !කුකුළේ ගඟ ජල මට්ටම ඉහළට : ගඟ දෙපස ජනයා අවධානයෙන් සිටින්න

ප්‍රවේසමෙන් !කුකුළේ ගඟ ජල මට්ටම ඉහළට : ගඟ දෙපස ජනයා අවධානයෙන් සිටින්න

අධික වර්ෂාව හේතුවෙන් කුකුළේ ගඟ ජලාශය වාන් දොරටු මට්ටමට ජලය වැඩිවී ඇති බවත්, ඒ පිළිබඳ ගඟ අවට ප්‍රදේශවල ජනයා අවදියෙන් සිටිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටින්නේ වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව වාර්තා වන බවයි.

එමෙන්ම කෑගල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රීක්කවල කඳු සහිත ප්‍රදේශවල ජනයා සෝදිසියෙන් සිටිය යුතු බවත්, යම් අවදානම්කාරී තත්ත්වයක් වුවහොත් 117 අංකයට දැනුම්දිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

සැවොම දැනුවත් කරන්න පහතින් share කරන්න

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!