page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / SL Army / යුධ හමුදා වෙබ් අඩවියේ ජයාරූප කිහිපයක් නිසා බුකිය කැළබෙයි.මෙන්න ඇත්ත කතාව

යුධ හමුදා වෙබ් අඩවියේ ජයාරූප කිහිපයක් නිසා බුකිය කැළබෙයි.මෙන්න ඇත්ත කතාව

ඊයේ දිනයේ යුධ හමුදා වෙබ් අඩවියේ පළවූ ජයාරූප කිහිපයක් සමාජ ජාලා අතර බොහෝ සෙයින් කතා බහට ලක්ව තිබෙනවා.මෙම ජයාරූප වල දැක්වෙන්නේ යුධ හමුදා මුස්ලිම් සාමාජිකයන් ඉෆ්තාර් උත්සවැය සමරන ජයාරූප කිහිපයකි.මේ වන විට මෙම ජයාරූප ෆේස්බුක් සමාජ ජාලය තුල විවිධ වූ කතිකාවන් නිර්මාණය වීමට හේතු වී තිබෙනවා.එම ජයාරූප සමග යුධ හමුදාව කියා තිබෙන්නේ මෙලෙසයි.

යුද්ධ හමුදා මුස්ලිම් සාමාජිකයින්ගේ රාමදාන් මාසයේ උපවාසයෙන් මිදීමේ ඉෆ්තාර් සැමරුම් උත්සවය අද (13) දින සන්ධ්‍යාවේ වාද්දුව නිවාඩු නිකේතනයේ දී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් එම්.එච්.එෆ් යූසුෆ් ගේ මුලිකත්වයෙන් එම සංගමයේ සාමාජිකයන් විසින් මෙම උත්සවය සංවිධානය කළ අතර, මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සමඟින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණක උඩවත්ත සහ එම මැතිණිය, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදාවේ මුස්ලිම් ජාතික නිලධාරින් එක්ව සිටියහ.

යුද්ධ හමුදාව තුල රාජකාරියේ නියුතු සියලුම සාමාජිකයන්ගේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කිරිමේ යුද්ධ හමුදාධිපතිතුමාගේ අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම ඉෆ්තාර් සැමරුම් උත්සවය පවත්වනු ලැබිය.

එම ජයාරූප පහතින් බලන්න

යුධ හමුදා වෙබ් අඩවියේ ජයාරූප කිහිපයක් නිසා බුකිය කැළබෙයි.මෙන්න ඇත්ත කතාව
යුධ හමුදා වෙබ් අඩවියේ ජයාරූප කිහිපයක් නිසා බුකිය කැළබෙයි.මෙන්න ඇත්ත කතාව
යුධ හමුදා වෙබ් අඩවියේ ජයාරූප කිහිපයක් නිසා බුකිය කැළබෙයි.මෙන්න ඇත්ත කතාව
යුධ හමුදා වෙබ් අඩවියේ ජයාරූප කිහිපයක් නිසා බුකිය කැළබෙයි.මෙන්න ඇත්ත කතාව
යුධ හමුදා වෙබ් අඩවියේ ජයාරූප කිහිපයක් නිසා බුකිය කැළබෙයි.මෙන්න ඇත්ත කතාව
යුධ හමුදා වෙබ් අඩවියේ ජයාරූප කිහිපයක් නිසා බුකිය කැළබෙයි.මෙන්න ඇත්ත කතාව
යුධ හමුදා වෙබ් අඩවියේ ජයාරූප කිහිපයක් නිසා බුකිය කැළබෙයි.මෙන්න ඇත්ත කතාව
යුධ හමුදා වෙබ් අඩවියේ ජයාරූප කිහිපයක් නිසා බුකිය කැළබෙයි.මෙන්න ඇත්ත කතාව

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!