page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Accident / කෝච්චියට දුව බෙල්ල තිබ්බා කියා පිළිගන්න බැහැ : පියා කොට්‌ටාව පොලිසියට කියයි

කෝච්චියට දුව බෙල්ල තිබ්බා කියා පිළිගන්න බැහැ : පියා කොට්‌ටාව පොලිසියට කියයි

මරණය ගැන සැකයි
සිසුවිය දුම්රිය මාර්ගයට ගෙල තබාගෙන සිටියායි දුම්රිය රියෑදුරු පැවසූ බව පොලිසිය කියයි

කොට්‌ටාව දුම්රිය ස්‌ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක ගෙල සිඳීමෙන් හිස කඳින් වෙන්වී මියගොස්‌ සිටියදී හමුවූ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියගේ මරණය සැකසහිත බව ඇගේ පියා වන ව්‍යාපාරික කපිල ජයසේකර මහතා කොට්‌ටාව පොලිසියේදී ඊයේ (15 වැනිදා) පැවැසීය.

දුම්රිය පීල්ලක ගෙල කැපී වෙන්වී යන ආකාරයට එම සිසුවියගේ සිරුර මුනින් අතට තිබියදී පෙරේදා (14 වැනිදා) රාත්‍රී සොයා ගත් බව කොට්‌ටාව පොලිසිය කියයි.

මෙම සිසුවිය නුගේගොඩ පෞද්ගලික උපකාරක පන්තියකට පෙරේදා (14 දා) පස්‌වරුවේ සහභාගි වී නැවත නිවෙස්‌ බලා පැමිණෙන අතරතුර මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා තිබිණි.

මෙලෙස සැකසහිත අන්දමින් මියගොස්‌ තිබුණේ පන්නිපිටිය, මාකුඹුර පදිංචිව සිටි සවින්දි පබසරා ජයසේකර නමැති 18 හැවිරිදි පාසල් සිසුවියකි. මැය ජීව විද්‍යා අංශයෙන් අපොස උසස්‌ පෙළ විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටි සිසුවියක බව පොලිසිය කියයි.

මියගිය සිසුවියගේ පියා මෙසේද කීය.

මගේ දුවට කෝච්චියට බෙල්ල තියලා දිවි හානි කරගන්න තරම් ප්‍රශ්නයක්‌ තිබුණේ නැහැ. මට දුවගේ මරණය සැකයි. දුව කව්රුහරි පැහැරගෙන ඇවිත් මේ අපරාධය කරන්න ඇති කියලා හිතනවා. දුව මැරෙන්න කලින් මගේ බිරිඳට හා බාල පුතාට “මා දැන් එන ගමන්” කියලා කතා කරලත් තියෙනවා.

මියගිය සිසුවියගේ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්‌ටාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. එම්. එස්‌. කරුණාරත්න මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

කෙසේ වෙතත් කැලණිවැලි දුම්රියේ රියෑදුරු මෙම සිසුවිය දුම්රිය මාර්ගයේ ගෙල තබාගෙන සිටි බවට පොලිසියට ප්‍රකාශ කර තිබේ.

-දිවයින

Check Also

කොට්ටාවේදී යකඩ යකාට බිලිවී තවත් තරුණියක් අවසන් ගමන් යයි

ඊයේ (18) රාත්‍රි 8.00ට පමණ කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී තරුණියක් දුම්රියකට පැන සිය දිවි හානි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!