page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Vigneshwaran / විග්නේශ්වරන්ට සහය පළ කරමින් උතුරේ හර්තාල්,කඩ සාප්පු වසා දමයි

විග්නේශ්වරන්ට සහය පළ කරමින් උතුරේ හර්තාල්,කඩ සාප්පු වසා දමයි

සී. වී. විග්නේශ්වරන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය දූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ඉල්ලා අස් කර ගන්නා ලෙස බලකරමින් අද(16) උතුරේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබේ.

මේ හේතුවෙන් උතුරු පළාතේ කඩ සාප්පු,බොහොමයක් වසා දමා ඇති අතර සී. වී. විග්නේශ්වරන් මහතා විසින් පිහිට වූ දෙමළ ජාතික සභාව විසින් මෙම හර්තාලය සංවිධානය කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා මහ ඇමැති ධුරයෙන් ඉවත් කරන්නැයි බලකරමින් එම පළාත් සභාවේ මන්ත්‍රින් 21 දෙනකුගේ අස්සනින් යුත් පෙත්සමක් උතුරු පළාත් ආණ්ඩුකාර වරයාට භාරදී තිබුණේ පෙරේදා(14) දිනයේ දීයි.

එම පෙත්සමේ සඳහන් කොට තිබුණේ උතුරු පළාතේ මීළඟ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් සභාවේ වත්මන් සභාපති සී. වී. කේ. සිවඥානම් මහතා හෝ උතුරේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී. සත්‍යලිංගම් මහතා හෝ පත්කළ යුතු බවයි.

පසුව විග්නේශ්වරන් මහතාට සහය පළ කරමින්ද තවත් එම පළාත් සභාවේ මන්ත්‍රි වරුන් 15ක් සිය අත්සනින් යුතු පෙත්සමක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට ලබා දී තිබුණේ ඊයේ(15) දිනයේ දීයි.

මේ පිලිබඳ අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ උතුරු මහ ඇමැතිට බහුතර බලය ඔප්පු කිරීමට සිදුවන බවට දැනුම් දීමට පියවර ගන්නා බවත් එම දැනුම් දීම ඉදිරි දිනයන්හි සිදුකරන බවත් මෙවැනි පෙත්සමක් භාරදුන් විට එය නැවත තහවුරු කර ගැනීම තමන්ගේ රාජකාරිය බවත්ය.

විග්නේශ්වරන්ට සහය පළ කරමින් උතුරේ හර්තාල්,කඩ සාප්පු වසා දමයි
විග්නේශ්වරන්ට සහය පළ කරමින් උතුරේ හර්තාල්,කඩ සාප්පු වසා දමයි

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!