page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Bodu Bala Sena / ආගමික අන්තවාදය පතුරුවාලන මියන්මාරයේ අෂීන් විරතු ස්වාමීන්වහන්සේට වසරක කාලයක් ධර්ම හා ප්‍රසිද්ධ දේශනා තහනමක්

ආගමික අන්තවාදය පතුරුවාලන මියන්මාරයේ අෂීන් විරතු ස්වාමීන්වහන්සේට වසරක කාලයක් ධර්ම හා ප්‍රසිද්ධ දේශනා තහනමක්

ආගමික අන්තවාදය පතුරුවාලන මියන්මාරයේ අෂීන් විරතු ස්වාමීන්වහන්සේට වසරක කාලයක ධර්ම හා ප්‍රසිද්ධ දේශන තහනමක් පැණවීමට අවුන්සාන් සුකි රජය සහ එරට මහනායක ස්වාමීන්වහන්සේලා තීරණය කර තිබෙනවා. අෂීන් විරතු ස්වාමීන්වහන්සේ නයින් සික්ස් නයින් සංවිධානයේ සහ මා බා තා සංවිධානයේ නායකයා ලෙසද ක්‍රියා කරනවා.

මෙම සංවිධාන මගින් මියන්මාරය පුරා මුස්ලිම් ප්‍රජාවට එරෙහි ව්‍යාපාර දියත් කරන අතර ජනතාව අතර වෛරය ක්‍රෝදය ද පතුරුවන බවට චෝදනා පසුගිය කාලය පුරාම නැගුනා. මියන්මාර මහනායක ස්වාමීන්වහන්සේලා ප්‍රකාශ කළේ නීතියට අනුකූලව විරතු ස්වාමීන්වහන්සේට එරෙහිව සියලු පියවර ගන්නා බවයි.

පසුගිය කාලයේ මියන්මාරයේ සිදුවූ මුස්ලිම් අන්තවාදී ක්‍රියාවන් රාශියක් පිටුපස විරතු ස්වාමීන්වමන්සේ සිටි බවට සාධක ලැබී තිබෙනවා. එමෙන්ම ලෝකයේ බොහෝ රටවල අන්තවාදී සංවිධාන සමග විරතු ස්වාමීන්වහන්සේ හා උන්වහන්සේගේ සංවිධාන ක්‍රියාකර ඇති බවට සාක්‍ෂි ලැබී තිබෙනවා.

එවන් අන්තවාදී සංවිධාන සදහා මුදල් ආධාර පවා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. 2014 වර්ෂයේ සැප්තැම්බර් 28වනදා ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුණු අෂීන් විරතු ස්වාමීන්වහන්සේ ප්‍රකාශකර තිබුණේ තමන් හා තම සංවිධාන ශ්‍රී ලංකාවේ බොදු බල සේනාව සමග අත්වැල් බැඳගන්නා බවයි.

එම සංචාරය අතරතුර කොළඹ දී මෙම සංවිධාන දෙක ඒකාබද්ධ රැළියක් ද පැවැත්වූවා. එසේම බොදු බල සේනායක් නයින් සික්ස් නයින් සංවිධානයත් අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා තිබෙනවා. ලෝක ප්‍රකට ටයිම් සඟරාව වරෙක විරතු ස්වාමීන්වහන්සේව හදුන්වා තිබුණේ බෞද්ධ ත්‍රස්තවාදයේ මුහුණුවර යනුවෙනුයි.

මෛත්‍රීය, මුදිතාව, කරුණාව සහ උපේක්‍ෂාව පදනම්කර ගත් බෞද්ධ දහම සිය පටු අරමුණු ඉෂ්ඨකර ගැනීම සදහා අන්තවාදී හා වෛරවාදී තලයකට ගෙන ඒම කිසිසේත්ම අනුමත නොකළ හැකි බවත් විරතු ස්වාමීන්වහන්සේ වෙත පැනවූ තහනම තමන් සම්පූර්ණයෙන්ම අනුමත කරන බවත් මියන්මාර බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා පෙන්වා දෙනවා.

-TTN News

Check Also

ඥනසාර හිමිට රැකවරණය දුන්නොත් දැඩි පියවර : පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි

ඥනසාර හිමියන් පිළිබඳ තොරතුරක්‌ වෙතොත් ලගම පොලිසියට දැනුම් දෙන්න බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!