page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා ඕස්ට්‍රෙිලියාවෙන් නව බැක්ටීරියාවක්

ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා ඕස්ට්‍රෙිලියාවෙන් නව බැක්ටීරියාවක්

ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා ඕස්ට්‍රෙිලියාව සොයාගෙන ඇති නව බැක්ටීරියාව ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එම බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක් ඇති අතර, එය දැනට වියට්නාමය, ඉන්දුනිසියාව වැනි රටවල අත්හදා බලා ඇත. මෙම බැක්ටීරියාව කෘෂිකර්ම කටයුතුවලට ද යොදා ගනු ලබන බව ඒ පිළිබද පර්යේෂණ කළ ඕස්ට්‍රෙිලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලය සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ මෙම පරීක්ෂණ ආරම්භ කිරිමට එම විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටීරියාව ඇතුළ් කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සදහන් කරයි.

මේ පිළිබද සාකච්ඡා කිරිම සදහා ලබන මස ඕස්ට්‍රෙිලියාවෙි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට ද නියමිතය. නව තාක්ෂණය ක්‍රියාත්මක කිරිම තුළින් ඩෙංගු මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!