page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Gayantha Karunathilaka / ගයන්තගේ කෙසෙල් ගෙඩි සිද්ධිය ප්‍රසිද්ධ කළ අයට වැඩ වරදී

ගයන්තගේ කෙසෙල් ගෙඩි සිද්ධිය ප්‍රසිද්ධ කළ අයට වැඩ වරදී

ගංවතුරෙන් අවතැන් වූවන්ට බෙදීමට සකස් කළා යැයි හැඟවෙන පරිදි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ නම සහ දුරකතන අංකය ගැසූ කෙසෙල් ගෙඩි බහාලු පාර්සලයක් ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කළ පුද්ගලයා ලෙස හෙළිදරව් කරගෙන ඇති අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබේ.

තමන්ගේ කීර්ති නාමයට කැළලක් වූ බවට සඳහන් කරමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මෙම කෙසෙල් ගෙඩි සිද්ධිය ප්‍රථමව ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කළ මාතර ප්‍රදේශයේ තැනැත්තකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අංශය විසින් අනාවරණය කර ගෙන තිබේ.

ඒ අනුව ඔහුට කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන ලෙසට දැන්වූ බවද උසස් පොලිස් නිලධාරියකු ප්‍රසිද්ධ පුවත්පතකට‍ පවසා තිබෙනවා.

එම දැනුම්දීමට අනුව ඔහු ලබන ජුනි 28න් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවද නීතිඥවරයකු මාර්ගයෙන් එම දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇතැයිද එම උසස් නිලධාරියා සඳහන් කළේය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!