page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / murder / නුගේගොඩදි පිහිපහරවල් 20ක් ඇන ඝාතනය කළ තරුණියගේ ඇත්ත කතාව මෙන්න

නුගේගොඩදි පිහිපහරවල් 20ක් ඇන ඝාතනය කළ තරුණියගේ ඇත්ත කතාව මෙන්න

කලින් සිය පෙම්වතා බව කියන තරුණයකුගේ පිහිපහරට ලක්වූ එක්දරු මවක නුගේගොඩ දෙල්කඳ පරණ කැස්බෑව මාර්ගයේ සූරියමල් මාවතෙ දී මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය පැවසුවා.

ඇගේ බෙල්ල ප්‍රදේශයට පිහිපහර 12ක් පමණ ඇන ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය පවසනවා. මුළු සිරුර පුරාවටම පිහිපහරවල් 20ක් පමණ තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ මීගහතැන්න පහළ හේවිස්සේ පදිංචි 25 හැවිරිදි රූපලාවන්‍ය වෘත්තියේ යෙදුණු තරුණියකි.

ඇයගේ පියා මැය උපදින්න කලියෙන් මවගෙන් වෙන්වී ඇති අතර පසුව ඇගේ මවගේ අක්කා කෙනෙකු හදා වඩා ගෙන ඇති අතර අම්පාර ප්‍රදේශයේ හැදි වැඩි ඇති අතර පසුව මීගහතැන්න නෑදෑ නිවසක සිට වසර දෙකක් පාසැල් ගොස් තිබෙනවා.

ඒ අතර කාලයේ ඇතිකර ගත් පෙම් සබදතාවයක් මෙම මරණයට හේතු වී තිබෙනවා.

පසුව ඇය අම්පාරෙ පදිංචි වී ඇති අතර එහිදි විවාහ වි දරුවකුද සිටින අතර සැමියාගෙන් වෙන් වී ආපසු මිගහතැන්නට පැමිණ ඇගේ මතුගම සිටින පියා සොයා ගොස් ඇති අතර, පියා විසින් ඇයව හොමාගම ප්‍රදේශයේ රැකියාවකට යොමු කොට ඇත.

එහිදි පාසැල් වියේ පෙම්වතා විසින් තියුණු ආයුධයකින් පහරදි මරණයට පත් කර තිබෙනවා.

මුලාශ්‍රය – රජ ගොසිප්

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!