page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / LTTE / පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා

පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා

පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා බව ප්‍රකට කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරිකයකු වන පෝල් නිව්ටන් ඊයේ (19 දා) මුල් වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අනාවරණය කළේය.

කොටි සංවිධානය විසින් පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමූ බව පිළිගත් මුල් වතාව මෙයයි.

කොටි සංවිධානය වසර 27 කට පෙර පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමූ සොහොන් වළ ළඟට මුලින්ම ගිය විශේෂ කාර්ය බළකා නිලධාරියා තමා බව හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජනක්‌ විමල මහතා මානව හිමිකම් කවුන්සිලයේදී හෙළි කරනු ලැබීය.

ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන කොටි ඩයස්‌පෝරාව පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමීම සංහාරයක්‌ නොවේද යෑයි ජනක්‌ විමල මහතා කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දැක්‌වූ පෝල් නිව්ටන් එලෙස පැවසුවේ ප්‍රභාකරන් ගලවා ගැනීමටය.

එම මූලස්‌ථානය ගැන කිසිදු වාර්තාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී නොතිබිණි.

-ලංකාදීප

Check Also

සන්නද්ධ බයිසිකල් කල්ලියක් යාපනය හොල්ලයි | ViDEO

යාපනය, කෝපායි පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට නන්දාවිල් අම්මාන් කෝවිල අසලදී යතුරුපැදිවල පැමිණි නාඳුනන කල්ලියක් විසින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!