page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / strike / ඉල්ලීම් 8 කට විසඳුම් නොදුන් නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජන

ඉල්ලීම් 8 කට විසඳුම් නොදුන් නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජන

වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තිය සමති කිහිපයක් තීරණය කර තිබෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ.

අපි අද මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වෙනවා. අපගේ වැටුප් විශමතාවය අනුමත නොකිරීම වැනි ගැටලු කිහිපයක් මුල් කරගෙන අප සංගමය සහ දුම්රිය නියාමන සංගමයත් එකතු වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගරු ඇමතිතුමා සහ දුම්රිය බලධාරීන් අපි සමඟ සාකච්ඡා කරල විසඳුමකට එයි කියලා අපි බලාපොරොත්තුව වෙනවා. මගී ජනතාවට වන අපහසුතාවට අපි කණගාටු වනවා.

මේ අතර, තැපැල් සේවකයන් ද යළි වැඩවර්ජනයක් ආර්ම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ගැටලූව විසඳීමට මැදිහත් වීම සඳහා බලධාරීන්ට අවශ්‍ය තරම් කාලය ඇති බවද ඔහු සඳහන් කළා.

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!