page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Rape cases / ශ්‍රී ලාංකීය තරුණියක් බංග්ලාදේශයේ දී දුෂණය කරයි

ශ්‍රී ලාංකීය තරුණියක් බංග්ලාදේශයේ දී දුෂණය කරයි

බංග්ලාදේශයේ චිතගොං නුවර විද්‍යා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක් ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුව ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 26 හැවරිදි බංග්ලාදේශයේම පදිංචි අලෙවි විධායකවරයෙකු බවයි සඳහන් වන්නේ.

චිතගොං නගරයේ හෝටල් කාමරයක් තුළ 26 හැවැරිදි සැකකරු තමන්ව දූෂණය කළ බවට වෛද්‍ය සිසුවිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

පසුගිය ජුනි 11 දා අත්අඩංගුවට පත් සැකකරු හා දුෂණයට පත්වූ බව කියන ශ්‍රී ලාංකීය තරුණිය ජංගම දුරකතනය හරහා කතාබහ කිරීම ආරම්භ කර ඇති අතර පසුව සැකකරුගේ දැනුම් දීම මත ඇය හෝටලය වෙත පැමිණ තිබෙනවා.

තරුණිය නැවතී සිටින නේවාසිකාරය ආසන්නයේ හෝටලය පිහිටා ඇති අතර එහිදී තමන්ව දූෂණයට ලක්වූ බව තරුණිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්.

-හිරු පුවත් ඇසුරින්

Check Also

මිනී මස් කාපු හතරදෙනෙක් පොලීසියට කොටු – මිනිස් අතක් සහ කකුලක් පොලිසියටත් දීලා

“මිනී මස් කාල මට දැන් එපා වෙලා” යනුවෙන් පවසමින් පොලිස් ස්ථානයකට පැමිණි බව පැවසෙන පුද්ගලයෙකු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!