page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර,සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එළියට ඇද දමති

සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර,සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එළියට ඇද දමති

සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරන ලෙස රජයට බලකරමින් විශ්විවිද්‍යාල සිසුන් පිරිසක් පවත්වන පාගම සෞඛ්‍ය අමාත්‍යාංශය අසළට පැමිණීමෙන් අනතුරුව ඔවුන් අමාත්‍යාංශ ගොඩනැගිල්ල වටකරමින් හා එය තුළට පිවිස විරෝධතාවයේ නිරත වෙමින් සිටියේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ සයිටම් විරෝධී සිසුන් ඉන් ඉවත් කිරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කරනු ලැබුවා.පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීහු එහි ගොස් සිසුන් පළවා හැරීමේ නිරතව සිටිති.

සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒ අවට ප්‍රදේශයේ දේපොළ ආරක්ෂා කරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පොලිස් විශේෂ කාර්ය බළකායට අණ කර ඇත.

පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ බව කියන විශ්ව විද්‍යාල සිසුහු 10 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.

-දිවයින පුවත් ඇසුරින්

Check Also

බොරු වැරදි කියා අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිසියට වැඩ වරදී – මින් ඉදිරියට අල්ලස්ගත්තොත් කරන්නඕන දේ මෙන්න

රියෑදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!