page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / Rape cases / අනුරාධපුර බස් එකේදී පාසල් දැරියට නරුම පියෙක් කළ කුප්ප වැඩේ

අනුරාධපුර බස් එකේදී පාසල් දැරියට නරුම පියෙක් කළ කුප්ප වැඩේ

බාලවයස්කාර පාසල් සිසුවියකට ජනනේන්ද්‍රිය පෙන්වු බවට චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයායි මෙම නියෝගය ලබාදුන්නේ.

පෞද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටියදී පාසල් සිසුවියකට ජනනේන්ද්‍රිය පෙන්වා ඇති බවට දැරියගේ මව විසින් ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගැනුනේ.

දස හැවිරිදි දැරිය ඇගේ මව, මිත්තනිය හා ඥාති සහෝදරයෙකු සමග පණ්ඩුලගම සිට අනුරාධපුර පැරණි නගරය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයකින් ශ්‍රී මහ බෝධිය වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ සැකකාර ගුවන් හමුදා සෙබළා අනුරාධපුර නව නගරයේදී බස් රථයට ගොඩවී දැරිය අසුන්ගෙන සිටි අසුන ආසන්නයේ ගමන්කර ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

එහිදීයි මෙම පුද්ගලයා දැරියට ජනනේද්‍රිය පෙන්වා ඇත්තේ.

සැකකරු එක්වරක් දැරියගේ හිස අතගා පසුව ඇයට ඔහු ඇද සිටි කලිසිමේ සිපරය ගලවා ජනනේද්‍රිය පෙන්වා තිබෙන බවත් හෙළිවී තිබෙනවා.

ඇය ඒ සම්බන්ධයෙන් සිය මවට දැන්වීමත් සමග සැකකරු බස් රථයෙන් බැස පළාගොස් තිබෙනවා.

පසුව බස් රථයේ සිටි පිරිස එක්වී එම පුද්ගලයා අල්ලාගෙන පොලිසියට භාරදී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔහු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක් බව සඳහන්.

-හිරු පුවත් ඇසුරින්

Check Also

අවුරුදු දෙකේ සිගිති දැරියකට අතවර කළ නරුමයා මාට්ටු

මේ කතාවත් මහා සංවේදී කතාවක්‌. දෙහිඅත්තකණ්‌ඩිය පොලිසිය පැත්තෙනුයි මේ කතාව වාර්තා වුණේ. අවුරුදු 13ක පිරිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!