page hit counter
Monday , October 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / දැරියගේ අධ්‍යාපන වියදම් කරන බව පවසමින් ඥාති මාමා දැරිය දූෂණය කරලා

දැරියගේ අධ්‍යාපන වියදම් කරන බව පවසමින් ඥාති මාමා දැරිය දූෂණය කරලා

වයස අවුරුදු 15ක දැරියක්‌ කුලී පදනමට කාමර පහසුකම් සපයන ආයතනයකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කළ දැරියගේ මාමා බව කියන අයෙකු මේ මස 27 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය.

දුම්මලසූරිය ප්‍රදේශයේ කාමර පහසුකම් සපයන ආයතනයක පාලකයාව කටයුතු කරන අයකු එලෙස බන්ධනාගාරගත කළ අතර සැකකරුගේ ඥාති දියණියක්‌ රවටාගෙන එම අපරාධය කර තිබූ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකොට තිබිණ.

මුරකරුවන් වශයෙන් දුම්මලසූරිය ප්‍රදේශයේ වත්තක දැඩි ආර්ථික දුෂ්කරතා මත දැරියගේ පියා හා මව දැරියගේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට ඇති අතර දැරියගේ අධ්‍යාපනික වැය දරන බව පවසමින් ඥාති මාමාවරයෙකු වූ සැකකරු දැරිය ර`දවාගෙන සිට ඇත.

සිය පාසල් මිතුරියක්‌ මගින් මෙම අපරාධය පිළිබඳව දැරිය ගුරුභවතුන්ට දැන්වීමෙන් පසු රෝහල් ගතකිරීමට පියවරගෙන තිබිණ.

දුම්මලසූරිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජයවීර රාජපක්‍ෂ, කපිල සිල්වා යන මහත්වරුන් පැමිණිල්ල වෙනුවෙන් කරුණු කී අතර මෙම නඩුවේ සැකකාර මාමා වෙනුවෙන් නීතිඥ කැලුම් හෙට්‌ටිගමගේ මහතා පෙනී සිටියේය.

Check Also

පාසල් නිල ඇදුමින් පාසල් යනවා කියලා ඇවිත් රූම් ගානේ පෙම්සුව විඳපු කපල් දෙකකට වෙච්ච වැඩේ – Video

මීගමුව ප්‍රදේශයේ පාසලක අවුරුදු 17ක් වයසැති සිසුවියන් දෙදෙනෙකු පාසල් නිළ ඇඳුමින් සැරසී තවත් තරුණයන් දෙදෙනෙකු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!