page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / amazing / ඔබ නොදන්නා Wi-Fi මාරයා ගැන, මෙන්න මේ දේ අනිවාර්යෙන්ම දැනගන්න

ඔබ නොදන්නා Wi-Fi මාරයා ගැන, මෙන්න මේ දේ අනිවාර්යෙන්ම දැනගන්න

වර්තමානය වන විට හැම කෙනෙක්ම අන්තර්ජාලය භාවිතයට ඇබ්බැහි වෙලානෙ ඉන්නේ. එහි නවතම විප්ලවය තමයි Wi-Fi , ඕනෑම අවස්ථාවකදී ඕනෑම ස්ථානයකදී ඉතාමත් පහසුවෙන් අපිට අන්තර්ජාලය හා එක්වෙන්න පුළුවන්.

ජංගම දුරකථන හා Wi-Fi රවුටර්ස් නිපදවන ආයතන මනුෂ්‍ය සෞඛ්‍යට අහිතකර නොවන ලෙස මෙම උපාංග නිපදවීමේ ප්‍රතිපත්ති වලට යටත් වුවද මේවා භාවිතයට සුදුසු ද යන්න පිලිබදව අපට සම්පුර්ණයෙන්ම විශ්වාසයක් තබා ගන්න බෑ. වයර්ලස් උපාංග හා Wi-Fi රවුටර්ස් අපේ සෞඛ්‍යට බලපෑම් එල්ල කරන්නේ කොහොමද කියලා අපි බලමු.

Wi-Fi අපව සෙමින් මරණය කරා ලන් කරනවාද ?

ඇසිය යුතු ප්‍රශ්ණය එය නෙවෙයි.. ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මෙම උපාංග කේබල් රහිතව අපගේ ලැප්ටොප්, මොබයිල් ෆෝන් වලට සම්බන්ධ වන්නේ කෙසේද යන්නයි?

ඇත්තටම ලැප්ටොප්, ටැබ්ලට්, හා ජංගම දුරකථන වැනි වයර්ලස් උපාංග රවුටරය හා සම්බන්ධ වන්නේ විද්‍යුත් චුම්භක තරංග පිටවීම මගින්..

අප වටේ පවතින විද්‍යුත් චුම්භක තරංග වළල්ල අපගේ සෞඛ්‍යට අහිතකරය. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්යාංශය පවත්වන ලද අධ්‍යනයට අනුව මෙම රවුටර්ස් මනුෂ්‍ය හා ශාක වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරනවා.

Wi-Fi රවුටර්ස් ආශ්‍රිතව අපි බොහෝ වෙලාවක් ඉදියොත් ,අවධානය මද වීම,නිද්‍රා ගැටලු,නිතර නිතර පැමිණෙන හිසේ වේදනා,කන්වල රිදීම,පපුව මහන්සිය ඇති වෙන්න පුළුවන්..

නව තාක්ෂනය අද වන විට අපේ ජිවිතයේ සුවිශේෂී තැනක් ලබා දීලා තියනවා. එම නිසා Wi-Fi රවුටර්ස් හා වයර්ලස් දුරකථන භාවිතයෙන් වැළකිලා ඉන්න කියලා මට ඔයාලාට කියන්න බෑ. මොදක අපි මේවාට බොහෝ නැඹුරු වී ඇති නිසා මේවා භාවිතයෙන් වැළකීමට අපිට හැකියාවක් නෑ. එම නිසා අපට කල හැකි ඉන් වන බලපෑම අඩු කර ගැනීමට යම් යම් ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම පමණයි.

මං දැන ඔයාට පුංච් උපදෙස් ටිකක් දෙන්නම්..

රවුටරය නිදන කාමරයේ හෝ මුළුතැන්ගෙයි තබන්න එපා. එය බොහෝ අහිතකර විය හැක.
භාවිතා නොකරන විට Wi-Fi රවුටරය ක්‍රියා විරහිත කරලා තියන්න.
නිවසේ සිටියදී කේබල් සහිත දුරකථන භාවිතයට නැඹුරු වන්න.
නිදාගැනීමට ප්‍රථම Wi- Fi රවුටර් ක්‍රියා විරහිත කරන්න.

මෙම උපදෙස් අනුගමනය මගින් Wi- Fi රවුටර්ස් නිසා ඔබේ ශරීරයට වන අහිතකර බලපෑම වලක්වා ගන්න පුළුවන් .. ඉතිං මේ වටිනා ලිපිය මගින් ඔයාලාගේ මිතුරන්වත් දැනුවත් කරන්න පහතින් share කරන්න අමතක කරන්න එපා..

Check Also

චීනයේ වසර 1000 ක් පැරැණි භික්‍ෂු මමියක් අස්ථි කොටස් තවමත් නිරෝගීව පවතී

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ ප්‍රතිමාව පිළිබඳව කළ ස්කෑන් පරීක්ෂණයකින් ඒ බව තහවුරු වූ බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!