page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / ස්කයිප් ඔස්සේ නිරුවත පෙන් වූ උසස් පෙළ සිසුවියකට වුණු ඉරණම

ස්කයිප් ඔස්සේ නිරුවත පෙන් වූ උසස් පෙළ සිසුවියකට වුණු ඉරණම

උසස් පෙළ සිසුවියක් සමග පෙම් සබඳතාවක් පවත්වා ඇගෙන් ස්කයිප් ඔස්සේ නිරුවත් ඡායාරූප, වීඩියෝ ගෙන්වා ගෙන පසුව වෙනත් තරුණියක් විවාහ කරගෙන අනතුරුව සිසුවිය බය කර කාලයක් තිස්සේ නිවසින් මුදල් ගෙන්වා ගත් 23 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.ගම්පහ සිටින මෙම සිසුවිය හා තරුණයෙකු පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර ඒ කාලයේ දී සිසුවියට කියා ඇගේ නිරුවත් පින්තූර හා වීඩියෝ ස්කයිප් තාක්ෂණය ඔස්සේ මෙම පුද්ගලයා ගෙන්වාගෙන තිබෙනවා.

වරින්වර මෙසේ සිසුවියට නිරුවත් වන්නැයි පවසා ඇය ලවා මෙම වීඩියෝ ගෙන්වා ගෙන ඇති බවයි පොලිසියේ දී අනාවරණ වුයේ.

නිවසේ කාමරය තුළ තනි වී නිරුවත් වී ඇති සිසුවිය ස්කයිප් ඔස්සේ එම නිරුවත පෙම්වතාට යොමු කර ඇති බවත් සිසුවිය පොලිසියට සඳහන් කළා.කලකට පසුව පෙම්වතා වෙනත් තරුණියක් විවාහ කරගෙන ඇති අතර එහිදී පැරණි පෙම්වතිය වූ සිසුවියට යළි කතා කර තමන් සතුව ඇති ඇගේ නිරුවත් වීඩියෝ සමාජ ජාලවලට මුදා හරින බව පවසා මුදල් ඉල්ලා තිබෙනවා.

බිය වූ තරුණ සිසුවිය නිවසින් මුදල් සොරකම් කර පැරණි පෙම්වතාට ලබා දී තිබෙන අතර මෙය දිගු කලක් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.උසස් රැකියාවක් කරන පියාගේ මුදල් විශාල ලෙස විටින් විට නැතිවීම ගැන සක සිතු මව අවසානයේ සිය දියණිය ඒවා ගන්නාබව සොයාගෙන ඇගෙන් ප්‍රශ්න කළ පසුවයි සියල්ල හෙළි වී ඇත්තේ.

සැකකරු පවසා ඇත්තේ තමන්ට රැකියාවක් නොවුයෙන් මෙසේ මුදල් ලබාගත් බවයි.ඔහුගේ පරිගණකයේ තිබී සිසුවියගේ නිරුවත් වීඩියෝ පින්තුර රැසක් ද සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

-හිරු නිවුස් ඇසුරින්

Check Also

ඥතීන් හා ගුරුවරුන්ගෙන් පාසල් වයසේ පසුවන දැරියන් විශාල ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්වෙලා

පාසල් වයසේ පසුවන දැරියන් අතර වැඩි ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!