page hit counter
Friday , September 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මොළය මියගිය රෝගියාගේ වකුගඩුව වෙනත් රෝගියකුට බද්ධ කෙරේ

මොළය මියගිය රෝගියාගේ වකුගඩුව වෙනත් රෝගියකුට බද්ධ කෙරේ

මොළය මියගිය රෝගියකුගෙන් ලබාගත් වකුගඩුවක්‌ පොලොන්නරුව මහ රෝහලේ වකුගඩු රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට පෙරේදා (22 දා) සාර්ථක ලෙස බද්ධ කිරීමට හැකි වූ බව එම වකුගඩු බද්ධ කිරීම සිදුකළ වෛද්‍යවරු පවසති.

මෙසේ නැවත ජීවිතය පිළිබඳව බලාපොරොත්තු ඇතිකර ගැනීමට හැකි වී ඇත්තේ මැදිරිගිරිය දිවුලන්කඩවල මහසෙන්පුර අංක 114/1 ලිපිනයේ පදිංචි 44 හැවිරිදි පී. ජී. තුෂාර ධම්මික රත්නකුමාර නමැති දෙදරු පියකුටය.

හෙතෙම දැනට වසර 03 ක පමණ කාලයක සිට පොලොන්නරුව මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබන, රුධිර කාන්දුකරණය කරමින් සිටි රෝගියකු බව වෛද්‍යවරු සඳහන් කළහ.

අනුරාධපුර මහ රෝහලේ රුධිරවාහිනී බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජොසෙල් අරුත්සෙල්වම්, පොලොන්නරුව මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රජීව දසනායක, පොලොන්නරුව මහ රෝහලේ නිර්වින්දන වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කෝසල අංජුල ඩෙප්ත් යන මහත්වරුන් ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමක්‌ මෙම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සිදුකළහ.

මෙම වකුගඩු රෝග බද්ධ කිරීම සිදුකළ රෝගියා ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ප්‍රතිකාර කරන වෛද්‍යවරු පැවැසූහ.අප රටේ බොහෝ රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක්‌ ආරම්භ වූ ඉකුත් 22 වැනි දින පොලොන්නරුව මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්‌ සාර්ථකව සිදු කිරීම විශේෂත්වයකි.

-ලංකාදීප පුවත් ඇසුරින්

Check Also

මීපිටියේ ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලයි – තරුණියන් 7ක් දෙනෙක්‌ අත්අඩංගුවට

කෑගල්ල නුවර ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!