page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Rajitha Senaratne / වෛද්‍ය වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම්

වෛද්‍ය වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙරේදා (21 දා) සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදුණු සරසවි හා වෛද්‍ය සිසුන්ට පහර දීමට එරෙහිව ඊයේ (22 දා) සිට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය දේශපාලන අරමුණකින් සිදු කරන ලද්දක්‌ බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (22 දා) පැවැසීය.

මෙම වැඩ වර්ජනය හරහා පිට පළාත්වලින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවට පැමිණෙන වෛද්‍යවරුන්ට අවස්‌ථාව ලබා දීමට බලාපොරොත්තු වන බවත් මෙම වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානමින් සිටින බවත් ඇමැතිවරයා ඊයේ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

ඩෙංගු රෝගය පැතිර යන සමයක වර්ජනය කරන මොවුන් වෛද්‍යවරුන් නොවන බවත් ජනතාවද මේ සම්බන්ධව කුපිතව සිටින බවත් කී ඇමැතිවරයා මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනතාව නිසි පිළිතුරු සපයනු ඇතැයි සඳහන් කළේය. ඩෙංගු මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව වෛද්‍යවරුන්ට ගැටලුවක්‌ ඇතිනම් එහි වගකීමද ඔවුන් භාර ගත යුතු බව හෙතෙම සඳහන් කළේය.

-දිවයින පුවත් පත

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!