page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / Education / sri lanka history / පනාමුරේ ඇත් රාජා ගැන ඇහුවට දැකල තිබුනද …? බෝසත් ගුණැති පනාමුරේ ඇත්රාජා

පනාමුරේ ඇත් රාජා ගැන ඇහුවට දැකල තිබුනද …? බෝසත් ගුණැති පනාමුරේ ඇත්රාජා

අපට හම්බවුනා. පනාමුරේ ඇත්ගාලත් ඒහා සම්භන්ධව තියෙන පනාමුරේ ඇත් රාජාගේ පැරණි ඡායාරූප කිහිපයක්. මේ ඡායාරූප පිලිබද කතාව මම කියනවට වඩා සති අන්ත පුවත් පතක පලවුනු පනාමුරේ ඇත්ගාල සම්භන්ධ ලිපියක් මෙහි පල කරන්න මම හිතුවා.

පිළිරුවකින්, කටුගෙයකින් හා නාද කාව්‍යයකින් සමරන පනාමුරේ දැවැන්ත ලී කොටන්වලින් වටවුණු මේ පුංචි කොටුව මැද්දේ මගේ රැහේ එවුන් දුක් විඳින හැටි බලන්න තරම් මම අවාසනාවන්තයෙක් ද? නෑ… එහෙම වෙන්න බෑ කවදාවත්. මගේ මේ ශක්තිමත් දෑත් දෙපය තිඛෙන තුරු මගේ රැහේ එවුන්ට කවදාවත් කරදරයක් වෙන්න බෑ.

අපි හැම දෙනෙක්ම අපේ ගම් බිම්වල ජීවත් වුණේ එකා වගේ. අපේ රැහේ එකෙකුට දරුවෙක් ලැබුණොත් අපි හැමෝටම කිරු එරුණා. එහෙම හිටපු අපේ එවුන් කොටු කරගෙන වද දෙන හැටි මම කොහොම බලා ඉන්නද?…

හිතට ආපු ආවේගයන් කොහොමත්ම පාලනය කරන්න අමාරුයි. මේ මහ රූස්ස ගස් කඳන් මට අභියෝගයක් නොවෙයි. ක්ෂණයකින් මේ හැම එකක්ම සුනුවිසුනු කරගෙන නැඟිටින්න හිතෙනවා. මිනිස් සතාගෙන් අපේ වරිගෙ ඇත්තන්ට වන හානිය එන්න එන්නම දරුණු වෙනවා. අනිත් හැම දෙනෙකුම කන්න බොන්න නැතුව ඩිංග ඩිංග අඩපණ වෙත්දි ඔවුන් මෙල්ල කරගන්නවා.

කොහොමටවත් මට නම් ඒකට ඉඩ දෙන්න බෑ. මගේ හිතේ තවමත් මට උරුම වුණු සද්දන්ත කුලයේ අපූරු ශක්තිය, ධෛර්යය නොඅඩුවම තිඛෙනවා. මගේ එවුන් වෙනුවෙන් ජීවිතේ තියෙනතුරු මම සටන් වදිනවා…

මේ සටන ගෙනියන්නට මේ සද්දන්තයාට හැකි වූයේ බොහොම කෙටි කලකි. රැහේ එවුන් වෙනුවෙන් සිය බල පරාක්‍රමය පෙන්වමින් රජෙක් වගේ සිටි සද්දන්තයාට අවසානයේ සිද්ධ වූයේ එක වෙඩි පහරකින් බිම ඇද වැටෙන්නටය. එහෙත් අවසන් හුස්ම යනතුරුම තම වර්ගයා වෙනුවෙන් සිය අභිමානය පාවා නොදුන් මේ සද්දන්තයාගේ නම ඉතිහාස පිටු අතර අදටත් අභිමානයෙන් සමරනු ලබයි.

මේ අප කවුරුත් අසා ඇති පනාමුරේ ඇත් රජුගේ කතාවය.

මඩුවන්වෙල පරපුරේ නින්දගමක් ලෙස පැවති කොළොන්න කෝරලයේ පිහිටා ඇති පනාමුරේ ග්‍රාමය මේ ඓතිහාසික සංසිද්ධිය සිදු වූ ස්ථානයයි. කඳු, බෑවුම්, මිටියාවත්, ඇළ දොළින් සපිරි මේ ප්‍රදේශය එකල අතිශයින් රමණීය වනාන්තරයක් විය. වන සතුන්ගේ නින්දගමක් වූ පනාමුරය හා ඒ අවට ප්‍රදේශ එකල වඩාත් ප්‍රකටව තිබුණේ අලි ඇතුන් බහුල ප්‍රදේශයක් ලෙසිනි. 1912 දී සිදුකළ අලි ගණනයට අනුව එහි අලි ඇතුන් 2300 ක් පමණ වාසය කළ බව සඳහන්ව තිබුණි. මඩුවන්වෙල පරපුර මේ සියල්ලම තමන්ට අයත් බූදලයක් ලෙසින් සැලකූහ.සිය නින්දගමෙහි ජීවත් වූ අලි සම්පත අල්ලා විකිණීමෙන් ඔවුන් වරින් වර විශාල ආදායමක් ලැබූ බව ඉතිහාස කතාවන්හි සඳහන් වේ. ඔවුහු අවුරුදු පහකට වරක්වත් අලිගාල් පැවැත්වීම හෙවත් අලි ඇල්ලීම සිදු කළහ. 1912 දී මඩුවන්වෙල රටේ මහත්තයා එවැනි ඇත් ගාලක් පැවැත්වූ බව සඳහන් වේ. රජයේ අවසරයක් නොමැතිව වුවද ඇත් ගාලක් බැඳ අලි ඇල්ලීමේ බලය තිබූ එකම පුද්ගලයා වූයේ මඩුවන්වෙල රටේ මහත්තයාටය. අක්කර 64 ක භූමි ප්‍රදේශයක් පුරා එම ඇත්ගාල පවත්වා ගෙන ගිය බව සඳහන්ය.

පනහේ දශකය වන විට මඩුවන්වෙල පරපුරේ ජීවමාන උරුමකරවා වූයේ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය. ඔහු ඒ වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම කතානායක ධුරයද දරමින් සිටියේය. අලි අල්ලමින් විශාල ආදායමක් උපයාගත් පරපුරක අයෙකු වශයෙන් ෆ්‍රැන්සිස් මොලමුරේද ඇත්ගාලක් පවත්වා ගෙන යාමට උත්සාහ දැරීය.ඔහු සතුව අලි ඇල්ලීමේ මන්තර තිබූ බවටත් එකල බොහෝ දෙනකු අතර ප්‍රචලිතව තිබුණි. වනාන්තරය මැද ස්වභාවිකව පිහිටා තිබූ දිය බුබුලක් ආශි්‍රතව ඔහු මෙම ඇත්ගාල ඉදිකරවන ලදී. මේ දිය බුබුලෙහි දිය කිසිදා නොසිඬෙන බවට විශ්වාසයක් එදා මෙන්ම අදද ජනතාව අතර පවතී.

අලිගාල ඉඳිකොට තිබුණේ අක්කර හතරක පමණ භූමි ප්‍රදේශයක් වටකොටය. සුවිශාල බුරුත කඳන්වලින් අලි ගාල වටකොට තිබු‚. සද්දන්තයන් දියට බසිනා මාර්ගය සමීපව ඉදිකොට තිබුණු දොරටුවෙන් අලින් කොටුව තුළට පැන්නීම සිදුකර ඇත. ඉන්පසු කඩුල්ල සවිමත්ව බැඳ දමා ඇත. මෙතරම් සුවිශාල අලි වැටක් ඉදිකිරීමේ කාර්යය සිදුකර ඇත්තේ එම නින්දගමෙහි ජීවත් වූ ජනතාව විසිනි.

අලි ඇතුන් ගාල තුළට කොටු කරන අන්දම නැරඹීම පිණිස එකල සුවිශාල ජනකායක් පැමිණි බවද සඳහන් වේ. ඔවුන් මේ සඳහා ප්‍රවේශ පත්‍රයක් ද මිලදී ගත යුතු විය. එය නැරඹීම පිණිස සුවිශේෂි නැරඹුම් මැදිරියක් ද ඉදිකොට තිබු‚. ප්‍රැන්සිස් මොලමුරේ විසින් පවත්වන ලද අලිගාල නැරඹීම සඳහා එවකට ශ්‍රී ලංකාවේ ඉංගිරීසි ආණ්ඩුකාරවරයා වූ සෝල්බරි සාමි, හමුදාපති රෝස් මෙන්ම කීර්තිමත් ඉංගි්‍ිරිසි ලේඛක දොස්තර ආර්.එල්. ස්පිට්ල් ද සහභාගි වී ඇත.

අලි ඇල්ලීමේ කාර්යයේ යෙදී සිටින පුද්ගලයන් හඳුන්වනුයේ ,පනිත්තිලයන් නමිනි. පනිත්තිලයන් සියලූ දෙනාද මේ කාර්යය සඳහා එක්වී ඇත.

වල් අලි කොටුකර බැඳ තැබීම සඳහා හීලෑ අලි 14 දෙනකු යොදාගෙන ඇත. ඔවුන් වෙනුවෙන් ඇත් ගොවුවෝ දෙදෙනෙක් ද ඊට සහභාගි වූහ. දින කිහිපයක පරිශ්‍රමයකින් පසු ඔවුන්ට වල් අලි 26 දෙනකු ගස් බැඳීමට හැකි විය. එහෙත් මේ අතර සිටි එක් සද්දන්තයෙකු කෙසේවත් මෙල්ල කළ නොහැකි විය. අඩි 9 ක් පමණ උසකින් යුතු වූ මේ සද්දන්තයාට වයස අවුරුදු 25 ක් තරම් විය. ඇතුන් ඇල්ලීමට නම් දැරූ අය පමණක් නොව අලි මන්තර දත් අයද දැරූ පරිශ්‍රමය වතුරේ ගියේය.

ඒ කිසිවක් ඉදිරියේ මේ සද්දන්තයාගේ ඔද තෙද සිඳි නොගියේය. පැමි‚ වද හිංසා දුක් ගැහැට හමුවේ තව තවත් දරුණු වූ ඌ හීලෑ අලි ඇතුන්ගේ පස්සා ගාත් බිම ඇදෙන්නට පහර දුන්නේය. ගස් බඳින ලද තම රැහේ එවුන් බේරා ගැනීමට එම ගස්වැල් වලට පහරපිට පහර දුන්නේය.

දෙවෙනි කොටසින් හමුවෙමු..

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!