page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / JVP / ඔළුව නැති ආණ්ඩුව ශිෂ්‍යයන්ගේ ඔළු පලනවා – ජනතා විමුක්ති පෙරමුණ කියයි

ඔළුව නැති ආණ්ඩුව ශිෂ්‍යයන්ගේ ඔළු පලනවා – ජනතා විමුක්ති පෙරමුණ කියයි

සයිටම් විරෝධී විරෝධතාවයට සිදුකළ පහරදීමට විරෝධය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේදී ඊයේ (23)කඳ වු අතර එහිදී අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් වරයා.

මේ වනවිට සයිටම් අර්බුදය බරපතළ වෙමින් තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ ප්‍රමිතියෙන් තොර, නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට හානිකර මෙම සයිටම් ආයතනය වහන්න කියලා සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරය අරගල රැසක් සිදුකරමින් ඉන්නවා. ශිෂ්‍ය ව්‍යාපාරයට අමතරව ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්, වෛද්‍යවරු, වෘත්තීය සමිති, ජවිපෙ ඇතුළු දේශපාලන පක්‍ෂ, ආණ්ඩුව ඇතුළේ ඇතැම් ඇමතිවරු, මෙම ආයතනය වසා දමන්න කියලා බලපෑම් කරද්දී මේ ආණ්ඩුව හිතුවක්කාරී ලෙස නීති විරෝධී ආයතනයක් පවත්වාගෙන යනවා.

ඒ නිසා ශිෂ්‍යයන්ට සිදුවෙලා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුළේ අරගල කරලා ආණ්ඩුවට බලපෑම් කරන්න. ඒ අනුව තමයි පහුගිය 21වැනිදා ශිෂ්‍යයන් පෙළපාලි යන්නේ. ඒක සාමකාමී උද්ඝෝෂණ පෙළපාලියක්. ඒකට ආණ්ඩුව ඉතාම අමානුෂික විදිහට පහර දුන්නා. පොළුවලින් ශිෂ්‍යන්ගෙ ඔළුවලට ගැහුවා. මේ උද්ඝෝෂණයේ ආවේ අයි.ආර්.සී. කාරයෝ නෙවෙයි. පෙළපාලියේ ආව ශිෂ්‍යාවන්ට, භික්‍ෂූන් වහන්සේලාට පවා පහර දුන්නා. මේ පහර දීමට විරෝධය පළ කරලා ගාල්ලේ පවත්වපු උද්ඝෝෂණයටත් ආණ්ඩුව මැර කණ්ඩායම් යොදලා පහර දුන්නා. ඒ පහර දීමෙන් එක් ළමයෙකුගේ හිස් කබලට බරපතළ හානි සිදුවෙලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රහාරය ඉතාම පිළිකුල් සහගත අමානුෂික එකක්.

ජනතා විමුක්ති පෙරමුණ මෙම පහර දීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා මෙම ප්‍රහාර නතර කරලා නීති විරෝධී සයිටම් ආයතනය වහාම වසා දමන්න කියලා.

ඔළුව නැති ආණ්ඩුව ඔළුව තියෙන ශිෂ්‍යයන්ට කැමති නැහැ. ඒ නිසා ශිෂ්‍යයන්ගේ ඔළු පලනවා. ඔළුව තිබුණට මද නැති සෞඛ්‍ය ඇමති, අධ්‍යාපන ඇමති, රටේ අනාගතය භාර ගන්න ඉන්න සිසු දරුවන්ට පහර දෙනවා. අපි ආණ්ඩුවට කියනවා, මේ සටන තවත් දිග් ගැස්සිලා ආණ්ඩුවේ අවසානය සටහන් කරන සටනක් කරගන්න එපා කියලා. මොකද, මේ ශිෂ්‍යයින් ඉල්ලන්නේ ආණ්ඩුවට දෙන්න බැරි දෙයක් නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!