page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / murder / තියුණු ආයුධයකින් පහරදී සය හැවිරිදි දියණියක් ඝාතනය කෙරේ

තියුණු ආයුධයකින් පහරදී සය හැවිරිදි දියණියක් ඝාතනය කෙරේ

මීරිගම කිතුල්වල ප‍්‍රදේශයේ සිය පියා තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් සය හැවිරිදි දියණියක් ඝාතනයට ලක්ව තිබෙනවා. මෙම සිදුවීමෙන් තවත් දියණියක් හා මව ද තුවාල ලබා රෝහල් ගතකළ බවයි පොලිසිය පැවසුවේ.

මීරිගම කිතුල්වල ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රී 10 ට පමණ මෙම ඝාතනය සිදුව තිබෙනවා. පියෙකු විසින් තම දරු දෙදෙනාට සහ බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. කැපුම් තුවාල හේතුවෙන් මවත් දියණියන් දෙදෙනාත් මීරිගම රෝහල වෙත ඇතුළත් කෙරුණා.

රෝහල් ගතකිරීමෙන් අනතුරුව සය හැවිරිදි දැරිය මරණයට පත්වූ අතර දස හැවිරිදි දියණියත් ඇයගේ මවත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා. සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන 47 හැවිරිදි මෙම සැකකාර පියා අද අළුයම සැඟවී සිටියදී කොටදෙණියාව පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

-Live At 7

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!