page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / ඔබේ මුත්‍රාවල වර්ණය කුමක්ද? බලන්න මේ ලෙඩ ඔබට තියෙනවද කියලා

ඔබේ මුත්‍රාවල වර්ණය කුමක්ද? බලන්න මේ ලෙඩ ඔබට තියෙනවද කියලා

ඔබ දන්නවාද ඔබ මුත‍්‍රාවල පැහැය සැම වෙලේම ඔබේ ශරීරයේ රෝගී නිරෝගී බව ගැන යමක් පවසනබව ?

ශරීරයේ සජල බව මෙන්ම ශරීරයේ වැදගත් ඉන්ද‍්‍රියන්ගේ අක‍්‍රිය වීම දක්වා හෝඩුවාවන් මුත‍්‍රාවල පැහැය මගින් ගෙදරදීම දැනගැනීමට පුළුවන්.

බලන්න ඔබේ මුත‍්‍රාවල පැහැයත් මේ වගේද කියල

1. අවර්ණ, විනිවිද පෙනෙන
ඔබ වතුර විශාල ප‍්‍රමාණයක් බොනවා.

2. ළා කහපාට
ඔබ සාමාන්‍යයි සෞඛ්‍ය සම්පන්න සහ හොඳින් සජල වේ

3. තද කහපාට
සාමාන්‍යයි. නමුත් වතුර ටිකක් බිව්වොත් හොදයි.

4. දුඹුරු පාට
ඔබ අක්මා රෝග හෝ බරපතල ලෙස විජලනය වී ඇත. ඇති තරම් ජලය පානය කරන්න. මෙම තත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

5. රතු පැහැයට හුරු රෝස පාට
මෙය ඔබ පරිභෝජනය කර ඇති රතු පාටට හුරු ආහාර නිසා හෝ වකුගඩු / අභ්‍යන්තර තුවාල තත්වයක් හෝ පිළිකා තත්වයක් විය හැක. නොපමාව වෛද්යවරයා හමුවන්න.

6. තැඹිලි පාට
මුත‍්‍රා සමග පිත පිටවිම හෝ අක්මාව ආබාධයක් විය හැකියි. නොපමාව වෛද්‍යවරයා හමුවන්න

7. නිල් හෝ කොළ පාට
දුර්ලභ ජාන රෝගයක් වීමට ඉඩ ඇත. ඇතැම් බැක්ටීරියා හෝ ඔබ පරිභෝජනය කර ඇති වර්ණ ගැන්වූ ආහාරයක් හෝ යම්කිසි බෙහෙත් වර්ගයක් නිසාද වීමට පුළුවන්. නමුත් තත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ වෛද්යවරයා හමුවන්න.

8. පෙණ නගින මුත‍්‍රා
හානිකර නොවන වාමුසු ප‍්‍රතිපලයකි. නමුත් මෙය ඔබේ ආහාරයේ ඇති අතිරික්ත ප්‍රෝටීන් හෝ වකුගඩු අක්මාව ආබාධයක් විය හැකියි. පෙණ නගින සැම වෙලේම පවතීනම් වෛද්‍යයවරයා හමුවන්න.

මුත‍්‍රාවල සුවඳ ද සෞඛ්‍ය ප‍්‍රශ්න හඟ වන්නක් විය හැක.

දුගඳක් හමයි නම් මුත‍්‍රා ආසාදනයක් වීමට පුළුවන්.

මිහිරි සුවඳ නම් දියවැඩියාව හෝ අක්මා රෝග ලක්ෂණයක් විය හැක.

පුස් සුවඳ නම් පරිවෘත්තීය රෝගයක් වීමට පුළුවන්. ඔබ නිතරම පානය කරන යම්කිසි පානයක් නිසාද මෙසේ වීමට පුළුවන්. හරියට නිතරම කොපි හෝ හාතාවාරිය පානය කිරීම. මෙය සාමාන්‍ය තත්ත්වයක්වේ.

මේ වටිනා ලිපිය තවත් කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!