page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Bodu Bala Sena / ඇත්තටම කවුද මේ ගලගොඩ අත්තේ ඥාණසාර | ඔබ මෙතෙක් නොදත් ඇත්ත කතාව මෙන්න

ඇත්තටම කවුද මේ ගලගොඩ අත්තේ ඥාණසාර | ඔබ මෙතෙක් නොදත් ඇත්ත කතාව මෙන්න

එක්දහස් නවසිය හැත්තැපහ අවුරුද්දේ මාර්තු මාසයේදි ගාල්ල මහමෝදර රෝහලේ උපන් ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ ගිහිනම වනුයේ නුවන් සිසිර කුමාරයි.උන්වහන්සේගේ ගම ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය යාබද ගලගොඩඅත්තය.

උන්වහන්සේගේ මව ඩබ්ලිව්.ඩී.ගුණවතිය.පියා නාමෙල් සිංඤෝ වන අතර මේ වන විට පියා මියගොස් ඇත.ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විය.ඥානසාර හාමුදුරුවෝ මුලික අධ්‍යාපනය ලැබුවේ යක්කඩුව කනිටු විද්‍යාලයෙන් හා කරන්දෙණිය සේනානායක විද්‍යාලයෙනි.

වයස අවුරුදු පහළොවේදි ජයබිම ආරණ්‍ය සේනාසනයෙන් පැවිදි බිමට පත්වන උන්වහන්සේ වතුරවල ආරන්‍ය සේනාසනයේ හා මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් පැවිදි අධ්‍යාපනය ලැබුහ.

ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවෝ සිහළ උරුමය ජාතික සංඝ සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් ලෙසත් හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික හා පක්ෂයේ නියෝජිත සංවිධායක ලෙසත් කටයුතු කළ උන්වහන්සේ ජාතික හෙළඋරුමයෙන් මෙන්ම බොදුබල සේනාවෙන් මහමැතිවරණයට තරග කර පරාජයට පත්වුහ.

ඉක්බිතිව කලක් නිශ්ශබ්දව වුන් උන්වහන්සේ යළි කරළියට එන්නේ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් වරයා ලෙසය.අලුත්ගම දර්ගා නගරයේ වු ගැටුම් ඇතුළු ජාතිවාදි ගැටුම්වලට චෝදනාව එල්ල වුයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටය.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ඥනසාර හිමිට රැකවරණය දුන්නොත් දැඩි පියවර : පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි

ඥනසාර හිමියන් පිළිබඳ තොරතුරක්‌ වෙතොත් ලගම පොලිසියට දැනුම් දෙන්න බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!