page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Maithripala sirisena / යහපාලනය දිගටම ගෙනයන්න මෛත්‍රි-රනිල් එකඟ වෙයි

යහපාලනය දිගටම ගෙනයන්න මෛත්‍රි-රනිල් එකඟ වෙයි

යහපාලන ආණ්ඩුව මේ අයුරින්ම ඉදිරි වසර දෙකත් පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර එකඟත්වය පළවී ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි.

ඉදිරි වසර දෙක තුළ, මෙතෙක් අතපසු වූ සියලු කාර්යයන් සැලසුම්සහගතව ක්‍රියාවට නැංවීමටත් රජය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට තීරණය වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති හා අගමැති යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට එකඟතාව පළකර ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මැති ඇමැතිවරු පිරිසක් යහපාලන රජය තුළ තවදුරටත් රැඳී සිටීමෙන් වැලැකී සිටීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

යහපාලන රජයට ශ්‍රී ලනි පක්ෂයෙන් එක්ව සිටින මැති ඇමැතිවරුන් හා එජාපයේ මැති ඇමැතිවරු අතර නොයෙක් අන්දමේ විරසකයන් පැවැතීම නිසා, තවදුරටත් එකට එක්වී කටයුතු කිරීමේ ඇති අපහසුතාව නායකත්වය වෙත පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත.

යහපාලන ආණ්ඩුව තවත් වසර දෙකක් මේ අන්දමින් පවත්වාගෙන ගොස්, ජනමත විචාරණයක් පවත්වා, ආණ්ඩුවේ නිල කාලය දීර්ඝ කර ගැනීමේ සූක්ෂ්ම සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ දේශපාලනඥයකු “මව්බිම”ට සඳහන් කළේ යහපාලන ආණ්ඩුව එවැනි ජනමත විචාරණයකට යොමු කරවා අවසන් මොහොතේ ආණ්ඩුව පරාජය කරන තැනට ජනතාව පෙළ ගැස්වීමට ක්‍රියා කරන බවයි.

එමඟින් ජනමත විචාරණය මේ රටේ ඡන්ද ක්‍රියා වලියෙන් පසෙකට තල්ලු කිරීමටත් තම පක්ෂයේ වැඩි දෙනකු ක්‍රියාකර ඇති බවටත් හෙතෙම විශ්වාසය පළ කෙළේය.

-මව්බිම

Check Also

නොකඩවා 40 වසරක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළාට අගමැති තුමාට සුබාශිංසන

‍නො‍කඩවා‍ 40 වසරක්ම පා‍ර්ලි»ම්න්තුව නියෙ‍‍ා‍්ජනය කළා‍ට ලසන්ත වීරකුලසුරිය, පැතුම් වික්‍රමරත්න අගමැති රනිල් වික්‍රමසිංහ මහතා‍ අඛණ්ඩව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!