page hit counter
Friday , September 22 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / ෂාරුක් ඛාන්ගේ පුතාට සැත්කමක්

ෂාරුක් ඛාන්ගේ පුතාට සැත්කමක්

සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යන් ඛාන්ට සැත්කමක් කිරීමට තිබෙන නිසා තම රාජකාරි බහුල ජීවිතයෙන් මදකට නිවාඩු ගත් ෂාරුක් ඇමෙරිකාව බලා යාමට සූදානමින් සිටිනවා. පාපන්දු ක්‍රීඩාවෙහි දක්ෂ ආර්යන්ට ක්‍රීඩා පිටියේදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් ඔහුගේ නාසය බිඳී ගොස් තිබුණු අතර නාසයට සැත්කමක් කිරීමට සිදුව තිබෙනවා.

මෙහිදී ආර්යන් තරමක් දරුණු ලෙස අනතුරට ලක්ව තිබෙන අතර තුවාලයට ඒ මොහොතේ ප්‍රතිකාර කළ වෛද්‍යවරු හැකි ඉක්මණින් ඉහත සැත්කම කරගන්නා ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා. සැත්කම සිදුකරනතුරුත් දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටත් ආර්යන්ට සිදුවී තිබෙනවා. ලබන මාසයේදී මෙම සැත්කම සඳහා දින ලැබි ඇති අතර ආර්යන් අසල රැඳෙන්නට යා යුතු නිසා ඒ කාලයේදීම පැවැත්වෙන අයිෆා සම්මාන උළෙලට සහභාගිවන්නට ෂාරුක්ට අවස්ථාව නොලැබෙන බවත් පැවසෙනවා.

තම අධ්‍යාපන කටයුතු අවසන් කළ ආර්යන් මේ දිනවල ඇමෙරිකාවේ සුප්‍රකට සිනමා පාසලක උපාධිය හදාරමින් සිටිනවා. ෂාරුක් රඟපාන අලුත්ම චිත්‍රපටය “ජබ් හැරී මෙට් සේජල්” ලබන අගෝස්තුවේදී ප්‍රදර්ශනය ඇරඹීමටත් නියමිතයි. ෂාරුක් සමග අනුෂ්කා ෂර්මා මෙහි ප්‍රධාන චරිත රඟපානවා.

Check Also

සෞදියේදී අතුරුදන් වූ අපේ ලාංකිකයන් සොයන්න උදව් කරන්න – පවුලේ ඥාතින්ගේ බැගැපත් ඉල්ලීමකි

රැකියා සඳහා සෞදි අරාබියට ගොස් එහි දී අතුරුදන් වූ පහත සඳහන් පුද්ගලයන් ගැන ශ්‍රී ලංකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!