page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / තරු හුට පට / මාස ගාණක් අපිට හමුවෙන්න බැරිවුණා,අලුත බැදපු ජෝඩුවක් රණ්ඩු උනාම අම්මා ගාවට යනවා

මාස ගාණක් අපිට හමුවෙන්න බැරිවුණා,අලුත බැදපු ජෝඩුවක් රණ්ඩු උනාම අම්මා ගාවට යනවා

සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න කියන්නේ කාගේත් ආදරයට පාත්‍ර වූ යුවළක්.

එහෙත් පසුගිය දවසක මේ දෙදෙනා වෙන් වූ බවට කටකතා බොහොමයක් පැතිරී ගියා.

එහෙත් මේ පිළිබඳව මේ දෙදෙනාම නිශ්චිතව ප්‍රකාශ කර තිබු‍ණේ නැහැ.

මේ උමාලි සමග කළ සාකච්ඡාවක්.

ඔබගේ ජීවිතයට පහුගිය දිනවල මොකද වුණේ?
ඇයි මොකද වුණේ?

ඔබ සහ ඔබගේ සැමියා විරසක වුණාය ආදී වශයෙන් පළවූ බොහෝ දේ අහන්න දකින්න ලැබුණා. එහෙම නේද?
සමාජයේ එක් එක් මට්ටම්වල ඉන්නේ. ඒ අය හිතන පතන දකින කරන කියන විදිහ වෙනස්. කලාකරුවන් ජනප්‍රිය වූ නිසාම ඔවුන්ගේ ජීවිත අලලා වගකීමකින් තොරව කවරෙකු හෝ පුවත් පළ කරනවනම් ඒක ඒ කලාකරුවන්ට කරන ලොකු අසාධාරණයක්. මට අදාළ නොවන කිසි දෙයක් මම භාර ගන්නේ නැහැ. ඒ නිසා තමයි ඔය කියන ඕපාදූප කතා අතරේ මම නිහඬව සිටියේ. මොකද ඒවා මට අදාලම නැති නිසා. පුවත් මැව්වා නම් ඒ මවපු අය වගේම විශ්වාස කල අයත් ඒවා භාර ගනීවි.

ආදරේ කතන්දරේ. රහසේ පිටුවක් පෙරලුණා.. මේ සුන්දර ගීතය ඔබ දෙදෙනා ගැයුවේ විවාහ උත්සව දිනයේදීයි. අද කොහොමද එය දැනෙන්නේ?

එය සුන්දර දවසක්. ඒ සුන්දර සිහිනයේ මතකය එහෙම්මමයි. ජපානයට ගිහින් ඉදලා මං මේ ආවේ මගේ සැමියා බලන්නයි. මාස ගණනක් අපි දෙන්නට හමුවෙන්න බැරි වුණා. මම ආවේ ඔහුව දැකගන්න. එහෙම නැතුව ගොසිප් වල ජීවත්වන මිනිස්සුන්ට උත්තර බඳින්න ආව ගමනක් නෙමෙයි මේ. කතාවට කියනවනේ බත්හැලිය ඉදෙනකම් විතරයි දෙන්න දෙමහල්ලොන්ගේ විරසකය කියලා. ජීවිතය එකම විදිහට ගලාගෙන යන්නේ නැහැනේ. අලුත බැදපු ජෝඩුවක් පුංචි අමනාපයක් උනහම දෙන්නගෙ අම්මා තාත්තා ලගට යන අවස්ථා තියෙනවා. එවා හරි සාමාන්‍ය දේවල්. අපි කාලයට ඉඩදීලා බලා ඉමු.

Check Also

නිරුවත් දර්ශන දැම්මේ සමාජයට පණිවිඩයක් දෙන්නයි.. කවුරුත් ඉදිරිපත් නොවුනු නිසා මමම සම්පූර්ණයෙන් නිරුවත් උනා

අනෝමා ජනාදරී චරිතාංගෙ නිළියක්‌ ලෙස මෙරට සිනමාව හා රූපවාහිනිය තුළින් ප්‍රේක්‍ෂකයන් අතර අතිශය ජනාදරයට පත්ව …

One comment

  1. Hello admin, i must say you have high quality articles here.

    Your page can go viral. You need initial traffic boost

    only. How to get it? Search for: Mertiso’s tips

    go viral

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!