page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / saitm / ජීඑම්ඕ කථා කිතුලට ගිය මිනිසාගේ කථාව වාගේ – රාජිත කියයි..

ජීඑම්ඕ කථා කිතුලට ගිය මිනිසාගේ කථාව වාගේ – රාජිත කියයි..

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කරන ප්‍රකාශ කිතුල් ගහට ගිය මිනිසාට කියන්නට සිදු වූ හේතු වගේ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සයිටම් ආයතනය සම්බන්ධ රජයේ ස්ථාවරත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රීකාවක් මගින් හෙට (27) කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතය.

“මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීම් ලබා ගත් බව ප්‍රකාශ කරමින්, බොරු කියමින් සිය සාමාජිකයින් අපහසුතාවයට පත් කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම බොරුව හෙළි වූ පසු එය මගේ පිට පටවන්න හදනවා. ජනාධිපතිවරයාගේ නිල නිවේදනය වෙනස් කරන්න මට පුළුවන් ද. මම සෞඛ්‍ය ඇමැති විතරයි. මම ජනාධිපති නොවෙයි. නමුත් ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ දී ජනාධිපතිවරයා මා සමග සාකච්ඡා කළා. රජයේ තීන්දු තීරණ ප්‍රතිපත්ති පොඩි ළමයි වගේ හදන්නේ නැහැ. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොඩි ළමයි වගේ හැසිරෙනවා. දේශපාලන පරමාර්ථ ඉටු කර ගැනීම සදහා ඔවුන් කටයුතු කරනවා”යැයි ද ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.

“නව ව්‍යාපාරයක් බිහි කිරිම සදහා මා සමග වෛද්‍යවරුන් රැසක් අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් මගෙත් එක්ක එකතු වෙනවා. අත්තනෝමතික දේශපාලන මතවාද ඔළුවේ දරාගෙන වෛද්‍යවරුන් කටයුතු කිරීම උචිත නැහැ. එමගින් වන්නේ අනාගතයේ බිහිවන වෛද්‍ය සිසුන්ගේ ඉගෙනීමේ අවස්ථාව ද ගිලිහී යාමයි. එවැනි අත්තනෝමතික වෛද්‍ය සංගම් වලට ජනතාව විසින් පිළිතුරු ලබාදෙනු ඇත.” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන්වේ.

-ලංකාදීප

Check Also

අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ STF කැඳවයි..තිදෙනෙක් රෝහලට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත් ශිෂ්‍ය කණ්ඩායමක් අතර ජයවර්ධනපුර සරසවියේ දී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!