page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / යාපනයේ දමිළ ජනතාව වෙනුවෙන් බුදු පුතුන් 100ක් නමක් ලේ දන් දෙයි

යාපනයේ දමිළ ජනතාව වෙනුවෙන් බුදු පුතුන් 100ක් නමක් ලේ දන් දෙයි

යාපනය මහ රෝහලේ පවතින රුධීර හිඟයට පිළියමක් වශයෙන් කොළඹ සිට වැඩම කළ භික්ෂුන් වහන්සේලා සියක් නමක් යාපනය දිස්ත්‍රික්කයේ දමිළ ජනතාව වෙනුවෙන් රුධීරය පරිත්‍යග කිරීම අද යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්විණි.

මෙම වැඩසටහන මැදගොඩ අභය තිස්ස ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු විය.

කොළඹ සිට බස් රථවලින් යාපනය රෝහලට වැඩම කළ භික්ෂූන් වහන්සේලා මෙසේ ලේ දන් දුන්හ. භික්ෂූන් වහන්සේ පිරිසක් පැමිණ මෙසේ ලේ දන්දීම රුධිර අවශ්‍යතාවයෙන් පෙළෙන රෝගීනට විශාල අස්වැසිල්ලක් බව යාපනය රෝහලේ ප්‍රකාශයෙක් පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැදගොඩ අභයතිස්ස හිමියෝ ලේ දන්දීමෙන් පසු මෙසේ කීහ.

“යාපනය රෝහලේ රෝගීන්ට ලේ හිඟයක් නිසා යුද හමුදා සාමාජිකයින් ලේ දන්දෙනවා අප මාධ්‍යයෙන් දැක්කා. භික්ෂූන් වහන්සේලා හැටියට අපත් කල්පනා කරා මේ අහිංසක රෝගීන්ට පිහිට වෙන්න“

“රටක් හැටියට අපි හැමෝම එකයි. උතුරේ සිට රට පුරා සිටින සෑම කෙනෙක් ගැනම අපි සොයා බලනව. ඔවුන්ගේ දුකේදී අපි පෙනී සිටිනවා. සංහිඳියාව කියන්නේ තවත් ජාතියක් පාගාගෙන තවත් ජාතික් ඉදිරියට ඒම නොවේ. මෙයයි සැබෑ සංහිඳියාව. අපි හැමෝම හදවතින් සමීපයි. කෙයි කාගෙත් දුකේදී ඔවුනට පිහිට වීම භීක්ෂූන් වහන්සේ හැටියට අපේ වගකීමක්. මෙහිදී අපි නියොජනය කළේ මුළු සිංහල ජාතිමයි“ යයිද අභයතිස්ස හිමියෝ පැවසූහ.

-ලංකාදීප

යාපනයේ දමිළ ජනතාව වෙනුවෙන් බුදු පුතුන් 100 නමක් ලේ දන් දෙයි

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!