page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / ක්‍රීඩා පුවත් / Lasith Malinga / ලසිත් මාලිංග අද වරද පිළිගනී. වරද පිළිගැනීම හේතුවෙන් මාස 06ක පරිවාස කාලයක්

ලසිත් මාලිංග අද වරද පිළිගනී. වරද පිළිගැනීම හේතුවෙන් මාස 06ක පරිවාස කාලයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ ලසිත් මාලිංග අද වරද පිළිගෙන තිබේ.ඒ නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිවයි.

පරීක්ෂණ මණ්ඩලය හමුවේ අද පෙනී සිටි ලසිත් මාලිංග අදාළ චෝදනා පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

වරද පිළිගැනීම හේතුවෙන් මාස 06ක පරිවාස කාලයක් හා මීළගට සහභාගිවන පළමු ජාත්‍යන්තර තරගයේ ගාස්තුවෙන් සියයට 50ක දඩයක් නියම කෙරෙයි.

කෙසේ වෙතත්, අද දහවල් මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ, නුදුරේදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග සඳහා ලසිත් මාලිංග ගේ සහභාගීත්වයට මෙම විමර්ශනවලින් බාධාවක් එල්ල නොවනු ඇති බවය.

Check Also

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!