page hit counter
Friday , September 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / අනියම් පුරුෂයා‍ අවුරුදු 21 වයසැති අනියම් බිරියට භුමිතෙල් වක්කර ගිනි තබා‍ගන්න කියලා‍

අනියම් පුරුෂයා‍ අවුරුදු 21 වයසැති අනියම් බිරියට භුමිතෙල් වක්කර ගිනි තබා‍ගන්න කියලා‍

අනියම් පුරුෂයා‍ අනියම් බිරිඳගේ සිරුරට භුමිතෙල් වක්කර ඇයට ගිනි තබා‍ ගන්නා‍ ලෙස බල ක‍ළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව මීගමුව පොලිසියේ අපරා‍ධ අංශය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙලෙස අනියම් පුරුෂයා‍ගේ බලපෑමට ගිනි තබා‍ගෙන ඇත්තේ මීගමුව කා‍වච්චොඩය පදිංචි 21 හැවිරිදි දරු ති‍දෙනකුගේ මවකි. ඇය ලුවිස් පෙදෙස කුඩා‍පා‍ඩුව පදිංචි විවා‍හක අයෙ‍‍ක් සමග අනියම් සබඳතා‍වක් පවත්වා‍ගෙන ගොස් ඇත. පසුගිය 24දා ‍දෙ‍දෙනා‍ අතර පවුල් ප්‍රශ්නය පිළිබඳ ආරවුලක් ඇති කරගෙන අනියම් පුරුෂයා‍ අනියම් බිරිඳට පහර දී ඇතැයි කියයි.

පසුව ඔහු (අනියම් පුරුෂයා‍) සිය අනියම් බිරිඳගේ සිරුරට භුමිතෙල් වක්කර ගිනි තබා‍ගන්නා‍ ‍ලෙස ගිනි පෙට්ටියක් අතට දී ඇතැයි පැමිණිලි කර ඇත.

කා‍න්තා‍ව පුරුෂයා‍ගේ බිය ගැන්වීම නිසා‍ මෙසේ ගිනි තබා‍ ගත් බව පොලීසියට ප්‍රකා‍ශ කර තිබුණි.
කා‍න්තා‍ව දැඩිසත්කා‍ර ඒකකයේ ප්‍රතිකා‍ර ලබමින් සිට සිහිය ලබා‍ මෙලෙස ප්‍රකා‍ශ කර තිබේ. මීගමුව පොලීසිය විසින් සැකකා‍ර අනියම් පුරුෂයා‍ අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (26) දින අධිකරණයට ඉදිරිපත් ‍‍කෙරුණි.

මීගමුව මූලස්ථා‍න පොලිසීයේ ප්‍රධා‍න පොලිස් පරීක්‍ෂක සමන තිලක වැලවිට මහතා‍ගේ උප‍දෙස් මත විවිධ පැමිණිලි අංශයේදී ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සිසුල් දිසානායක මහතා‍ගේ අධීක්‍ෂෙණය යටතේ පොලිස් සැරයන් (7161) ටිකිරි බණ්ඩාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සැකකරු අත්තඩංගුවට ගෙණ තිබුණි

Check Also

මීපිටියේ ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලයි – තරුණියන් 7ක් දෙනෙක්‌ අත්අඩංගුවට

කෑගල්ල නුවර ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!