page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / saitm / සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ගෙන ආ විසඳුම්වලට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ගෙන ආ විසඳුම්වලට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය

මාලබේ සයිටම් ආයතනයේ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරමින් ගෙන ආ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.අමාත්‍යවරයා කියා සිටියේ, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම හා සයිටම් ආයතනයේ කළමනාකරණය පුළුල් කිරීමට මෙමගින් යෝජනා කර ඇති බව ය.

එය කොටස් වෙළඳපොළට යොමු කරන්නේ ද නැතහොත් භාරකාර මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යන්නේ ද යන්න පසුව තීරණය කෙරෙනු ඇති.මේ අතර මෙම අර්බුදය සම්බන්ධයෙන් මින් ඉදිරියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා නොකිරීමට අද කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසී ය

ඔහු සඳහන් කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා වෛද්‍ය සභාව අතර මීට අදාළ ඉදිරි සාකච්ඡා සිදුවනු ඇති බව ය.සෞඛ්‍ය අමාත්‍යවරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

_News1st

Check Also

ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය මහනුවර රෝහලේදී සාර්ථකව සිදු කෙරේ – සෞඛ්‍ය අමාත්‍යාංශය

මහනුවර මහ රෝහලේදී සිදුකළ ශ්‍රි ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථක බව සෞඛ්‍ය අමාත්‍යාංශය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!