page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Education / sri lanka history / රාහුල හිමි මතක ශකිත්ය වැඩි වීමට පානය කල සරස්‌වතී තෛලය මෙන්න -(මන්ත්‍රය)

රාහුල හිමි මතක ශකිත්ය වැඩි වීමට පානය කල සරස්‌වතී තෛලය මෙන්න -(මන්ත්‍රය)

සරස්‌වතී දෙවඟනත් ජ්‍යෝතිෂයත් අතර ඇති සබඳතාව කෙතරම් දැයි කිව නොහැක. එනිසා සරස්‌වතී යෝගයට ජ්‍යෝතිෂයේ අද්විතීය තැනක්‌ දී ඇත. එමෙන්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේදී ද ඇයට විශේෂත්වයක්‌ හිමිව ඇත. මේ නිසා සරස්‌වතී දේවිය මිනිස්‌ මනසෙහි සදාකාලිකව පවත්නා රසිකත්වයේ ප්‍රතිමූර්තියයි. කලාකරුවන්ගේ මනසෙහි ලියලන චමත්කාරයෝ පිළිබිඹු වෙයි. වචනයේ බල මහිමයෙන් ආලෝලනය වන අධ්‍යාත්මය මැවෙන වාග් ශක්‌තිය පිළිබඳ සංකේතයයි. සහෘදයන්ගේ චින්තාලයන් තුළ ඇය මහා දේවතාවිය වන්නේය.

සරසවියගේ ඉතිහාසය බොහෝ පැරැණිය. ඇගේ උපත හිංදු ගං දෙණියේ පූර්ව ආර්යයන් විසූ යුගයේ ආදි කාලීන ආර්ය සමාජයෙහි ය. සෘග්වේදයෙහි සරස්‌වතී වැනි දෙවිවරුන් රාශියක්‌ ගැන සඳහන් වේ. ඉන්දු අයිරානය හා භාරතීය වශයෙන් මේ දෙවිවරු යුග තුනකට අයත්ය. ෙද්‍රෘස්‌සූර්ය ආදීන් ඉන්දු යුරෝපීය යුගයේ සිට පැවත එයි. මිත්‍ර, වරුණ, සෝම වැනි දෙවිවරු ඉන්දු අයිරාන යුගයේ පහළ වූහ. සරසවිය ඇතුළු අනිකුත් වෛදික දේවතාවියන් දහස්‌ ගණනින් පහළ වූයේ භාරතීය යුගයේදීය.

තවද පෘථවි, අන්තරීක්‍ෂ ද්යුස්‌ථාන වශයෙන් ද මෙම දෙවිවරු තුන් කොටසකට බෙදෙයි. එයින් සරස්‌වතී දේවිය පෘථිවි ගණයට ඇතුළත් වේ. ඌෂස්‌ධීෂණ, පුරන්ධි, සරස්‌වතී, ඌර්විෂස්‌ ඌර්වශී ඈ විසින් මේ වෛදික දෙවිවරුන් කිහිපදෙනෙක්‌ ගැන සෘග්වේදයුක්‌ත කීපයක සඳහන් වේ. මේ දෙව්දූවරුන් බොහෝ විට ගර්භ දානය වැනි කරුණුවලදී පූජෝපහාර ලැබූ බව සෘග්වේදයෙහි ඇති පාඨවල සඳහන් වේ.

පශ්චාත් කාලීන ඉන්දියානුවන් විසින් අත් හතරක්‌, පද්මාසනයක්‌, අතකට වීණාවක්‌ හා අඩ සඳවන් කේශ කලාපයකින් යුක්‌තවත් ඇය සිය ළඟ ගෞරී පැහැයෙන් යුක්‌තවත් මූර්තිමත් කළේය. එසේ මූර්තිමත් කර ඇත්තේ යම් කිසි හේතු සාධක මත හා අර්ථයක්‌ ද ඇතිවය.

සමහරුන් සරසවිය විෂ්ණු දෙවියන්ගේ ප්‍රිය බිරිඳ වශයෙන් සැලකූහ. තවත් දේව කතාවක විෂ්ණු දෙවිඳුට සරසවියත් සමඟ ගංගා, ලක්‍ෂ්මී යනුවෙන් භාර්යාවන් තිදෙනෙක්‌ සිටියේය. මේ තිදෙනා අතර නිතර නිතර ආරවුල් ඇතිවිය. මේ අසමගියෙන් බේරා ගැනීමට විෂ්ණු දෙවියන් ලක්‍ෂ්මී තමා වෙත රඳවාගෙන ගංගාව ඊශ්වරයන්ටත් සරස්‌වතී මහා බ්‍රහ්මයාටත් භාර කරන ලදී. බ්‍රහ්මයාගේ වාහනය ධවල හංසයෙකි. ඒ අනුව බිරිඳ වූ සරසවියටත්, හංස වාහනයක්‌ ලැබිණ. තවත් තැනෙක ඇය නිරූපණය වන්නේ හංසයකු අරා සිටින අයුරිනි. ඇයට පද්මාසනය ලැබී ඇත්තේ ඒ අයුරින් ය. පද්මය විෂ්ණු දෙවියන් හා සම්බන්ධය. සිය දේවියටත්, (ලක්‍ෂ්මී) පද්මධාරී හස්‌තයක්‌ ඇත. සරසවියට පද්ම ආසනයක්‌ කළේ ඇය විෂ්ණු දෙවිඳුගේ බිරිඳව සිටි බව සිහිකිරීම පිණිස භාරතීය කලා ශිල්පීන්ය. මෙම ශිල්පීන් ඇගේ ශාස්‌ත්‍රධාරී පතිත්වය විදහා දැක්‌වීම සඳහා ඇගේ එක්‌ අතක ග්‍රන්ථයක්‌ ද, විචිත්‍රතාවය දැක්‌වෙන මුක්‌තාභරණයක්‌ ද තැන්පත් කළේය. සමහරක්‌ ශිල්පීන් අතකට ගිරවෙක්‌ ද යෙදුවේය.

ඉපැරැණිම මුල් යුගයේ සිටම භාරතීය සාහිත්‍යධරයෝ සරසවියගේ පිහිට ලබා ඇත. ශ්‍රීමත් දණ්‌ඩීහු තම කාව්‍ය දර්ශය අරඹන්නේ සරසවිය සැමරීමෙනි. පංචතන්ත්‍ර තාරක විෂ්ණු ශර්මන්ගේ ප්‍රණාමය ලබන දෙවියන් අතර සරස්‌වතිය ද වෙයි. ඇයගේ බැල්ම ලබමින් භාරතීය සහෘදයන්ගේ වාග් ශක්‌තිය දියුණුවීමට පටන් ගත් විට ඇය සෘග්වේද නිගණ්‌ඩුවල පමණක්‌ ඇයට පර්යාය නාමයන් සියයක්‌ පමණ යොදා ඇත. එයින් කීපයක්‌ නම් සරස්‌වතී, වාග් දේවී, බ්‍රාහ්මී කාක්‌ක, භාරතී, වාගීස්‌වරී, සාරදා, වීණාධාරී, ගීදේවී, හංසවාහිනී යනාදී වශයෙන් යෙදූ උප පද රාශියකි.

මේ සියලුම වචනවලින්a අධිපතිනිය වූ ඇය පසු කල ගීතයටත්, ලලිත කලාවටත් ආධිපත්‍ය ලදුවාය. “ලද යම් තැනක සරසවි බැලුව සෙත් නිසි” යනුවෙන් ගිරා සඳැස්‌ කාව්‍ය රචකයා ද එය පැහැදිලිව දක්‌වා ඇත. එහෙත් සිංහල සාහිත්‍යයෙහි සරස්‌වතී පිළිබඳව මුල්ම සඳහන ඇත්තේ සිලාවේ සෙන් රජුගේ කෘතියක්‌ හැටියට පිළිගන්නා සියබස්‌ ලකරෙහි ය. “සදවා මුව තඹර වෙතෙත් ද, සිවුමුවා – සරසවිය හස සවි සුදු – කිවි සිත් පුල්ම දොවුවිල් (සියබස්‌ලකර පද්‍ය)

මීළඟට සරසවිය සමරන්නේ කලිකල් සවැනි නරවිරුවෝයි. ‘කව් සිළුමිණ’ දෙවැනි ගීතයෙන් ඒ බව පැහැදිලි වේ. ‘සරසවි බැලුවා සෙක්‌ නිවෙත්වා කිවි දනෝ පෙදෙති රසහමි පිදුනා දෙනෙතා ඉතා දුලබෝ’ සංස්‌කෘතික රීතියක්‌ අනුව සරස්‌වතියගේ නමට මුලින් ශ්‍රී අකුර යෙදීම පැරැණි ධිමතුන්ගෙ සිරිතක්‌ ගෞරවයක්‌ විය. එම රීතිය රහල් හිමියන් ද පිළිගෙන ඇති නිසා උන්වහන්සේ ලියූ සැළලිහිනි සංදේශයේ 82 වන කාව්‍යයේ මෙසේ ‘සිරි සරසවිය’ යනුවෙන් යොදා ඇති බව මෙයින් අපට පැහැදිලිය.

එබැවින් එකල දඹදිව බෙහෙවින් ම මේ ශ්‍රී සරස්‌වතී දේවියගෙන් වරම් ලැබූවන් මුළු ලොවම අත වැසි වීමටත්, ශාස්‌ත්‍රාධිපතිත්වය ලබනු සඳහාත් සරස්‌වතී දැහැන් හා යන්තර සරස්‌වතී තෛලයක්‌ අඳුන් භාවිත කළ බව ඉපැරැණි සංස්‌කෘත මන්තර ඇතුළත් ග්‍රන්ථවල සඳහන්ව ඇත. ලංකාවේද එය ව්‍යාප්ත වී තිබූ අතර, ඉතා දුර්ලභ වශයෙන් අදත් ඒවා සමහර මන්තරවේදීන් අතර රහසේ තබාගෙන එයින් ප්‍රයෝජන ගෙන වරම් ලබා ඇති බවත් ඥානය, බුද්ධිය, දියුණු වී විභාග තරග ආදියෙන් ජය ගෙන ඇති බව පෙනේ.

විශේෂයෙන් දරුවකුගේ උපන් කේද්‍රයේ රාහු කේන්ද්‍රයෙහි ගත්කල අවස්‌ථා ගැන විමසිලිවත් විය යුතු වන්නේ රාහු ඉගෙනීම කඩාකප්පල් කරන ග්‍රහයන් අතර මූලිකයකු වන නිසාය. රාහු උපතේදී නොයෙක්‌ අයුරින් දුබලව සතුරු තත්ත්වයෙන් සිටීමත්, එබඳු රාහුගේ දශා කාලයක්‌ ජීවිතයේ මුල් කාලයේ ලබා තිබීමත් ඉගෙනීමට බාධා පමුණුවයි. අවුල් ඇති කරයි. තැන්පත් බව දුබල රාහුගේ බලපෑම නිසා අක්‍රියකාරී වෙයි. පූර්ව අධ්‍යාපන කටයුතු රත්. පිත් අසනීප නිසා අඩාල කර බිඳ දමයි.

විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නියෑළෙන දූදරුවන් නිතර අධ්‍යාපනයට වගකිවයුතු සරස්‌වතී දේවියගේ පිහිට ආශිර්වාද ලබා ගත යුතුයි. එනිසා දරුවකුගේ කේන්ද්‍රය විමසා බලා අධ්‍යාපනයේ දුර්වලවීමේ ග්‍රහයෝග ඇත්නම් ඒවා මර්දනය වී සපලය වීමට අදාළ නියමිත සාර්ථක ශාන්ති කර්ම කරවා සරස්‌වතී තෙල් බිඳුවක්‌ පැළඳ ගැනීමෙන් බුද්ධිය වර්ධනය කරගෙන විභාගවලින් සමත්වීමට කටයුතු කර ගැනීම ඉතාම යහපත් වේ. එවන් වරමක්‌ ලබා ගෙන බුද්ධිය වර්ධනය වීමට මෙම බෙහෙත සංයෝග කර ජප කර පළඳින්න.

වද, අරළු, වංමුතු, කිඳිගැට, වගපුල්, හාතාවාරිය මුල්, සිඬිගුරු, ගිතෙල්, ලුණුවිල, පවනේ වේලා කුඩුකර ගිතෙලින් කකාරවා සෙම් පිත් හැර ඇඹුල් හැර උදේට සවසට කෑම කා ඉක්‌බිති කළඳ බැගින් වළඳනු පන්සියයක්‌ ධාරණය වී නුවණ ලැබේ.

සරස්‌වතී තෛලයක්‌ මෙසේ සිඳුවා ගන්ට වරම් ද ලබා ගැනීම සඳහා ය. සරසවි පිළිරුවට සමන් මල්, නෙළුම් මල් දාමයක්‌ පළඳවා තමා කැමැති වරමක්‌ ඉල්ලන්න.

රන් තැඹිලි තෙල්, ලුණුවිල, වදකහ, කොට්‌ටන්, වැල්මී හෙල සාරණ මුල්, නෙළුම් ඇට, රේණු, ගොඩමානෙල් අල, අට්‌ටික්‌කා මුල් චූර්ණ කර සිඳුවා ගිරා පිහාටුවෙන් දිවගා පාඩම් කරන්න. පාඩම් හිටී. ධාරණය ඇති වේ නුවණ වැඩේ.

මන්තරය – ඕං ගුරු නාල් මරන්ද වානේ සරස්‌වතී වර වර අම්මා පෙරිය නාවිල අඩි ඉරත්ද සරස්‌වතී වර වර මුනි දිෂ්ඨ§ සෙල්ල වර වර සියොළඟ දෂ්ඨි මුඛ වර නමඃ ඕං ජහස්‌ සෝන් වේද ආදද විද්‍යා විද්‍යා කාලි අම්මා මාගේ මුඛයට නුවණ දුන් ඉෂ්ඨ මිත්‍ර සරස්‌වතී අම්මා මාගේ මුඛ ආවේස ආවේස මං නිල් නික්‌ක පේසු පේසු සරස්‌වතී වර වර ජීව ජීව ගිනි ගිනි සලිත සලිත ගිඩි ගිඩි ජීව ජීව වර වර නමඃ ඕං ඉරන්ද පේරාසි රක්‌කෝ සුරයුං සරස්‌වතී වර වර ජීව ජීව ගිනි ගිනි සලිත සලිත ගිඬි ගිඬි ජීව වර වර නමඃ ඕං සරස්‌වතී නමඃ ඕං සරස්‌වතී නමඃ තෙ නමඃ ඕං සචිත දිෂ්ඨි ප්‍ර එස්‌වාඃ ඕං දල දාරණේස්‌වඃ ඕං අම්බු හුප්පා නෙරියා ගෙවලී වලසා නම් මම යසනික්‌ කණ්‌ඩයි හනුමන්තා වා මගේ ඇඟ සිසිල් වැඩි වැඩී මෙසයුරේ අග්නි කාම සුර සරස්‌වතී දකුණු දලේ සරස්‌වතී අට විසි භාග නව ලොකුත්තර බුඬ රාජ ධම්ම රාජ තිසරණ බන්දුන් වජ්‍රාසරණං විඡ්ජාචරණං ධම්ම දේසනං මුඛෙ ගුරු ප්‍රධාරණෙස්‌වඃ – ඕ නමෝ ධාරනී දාරණේ ස්‌වඃ ඕ සරස්‌වතීං නමෝ නමඃ –

108 වරක්‌ කියා ජප කර ගත යුතුයි. ගුරුදා සිඬි යෝගයෙන් කරන්න. මේ තෛලය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් සකසා වැළදූ බවට ඉපැරැණි තල් පත් ඉරුවල සඳහන් වේ.

සරස්වතී තෙල් හිඳින්න රත්තරන් භාජනයක් අරගන්න ඕන . ඒ කියන්නේ ලිපේ තියන්න වෙන්නේ රත්තරන් භාජනයක් . ඒවගේම උඩුවියන් පාවාඩ වටතිර ඇතුව තමයි තෙල් හිඳින්න ඕන . තෙල හිඳිනවට වඩා අමාරුයි තෙලට සරස්වතී මන්ත්‍රය පුරලා බල පිහිටවන වැඩේ . මස්මාලු කන්නේ නැතිව , කිල්ලට අහුවෙන්නේ නැතිව තෙලට මන්තර පුරන්න ඕන . හදිස්සියෙවත් එහෙම අවුලක් තියෙන කෙනෙක් මන්තර පුරන්න ගන්නවානම් එයා මන්තර පුරලා තෙල ජීවම් කරනකොට එයාට පිස්සු හැදෙනවා . අනික තමයි සරස්වතී තෙල පාවිච්චි කරන කෙනා ඒ වෙලාවේ මස්මාලු කාලා තියෙනවනම් හරි තෙල ගත්තට පස්සේ මස් මාළු කනවනම් හරි ඒ කෙනාට පිස්සු වැටෙන්න පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා .

සරස්වතී තෙල හිඳින එක සහ තෙල පාවිච්චි කරන එක සහ තෙලට මන්තර පුරන එක හරිම අමාරු වගේම අවදානම් වැඩක් නිසා අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ සරස්වතී යන්ත්‍රය සහ මන්ත්‍රය විතරයි . සරස්වතී දේවියගේ ඇල්ම බැල්ම ලැබෙන විදියට තමයි සරස්වතී යන්ත්‍රය සහ මන්ත්‍රය රචනා කරලා තියෙන්නේ . සරස්වතී මන්ත්‍ර පාවිච්චි කරන අය ඉන්නවනම් එයාලා මතක තියාගන්න මේවා එක්ක මස් මාළු කිලි කියන දේවල් එකතු කරගන්නේ නැතිව ඉන්න වග බලාගන්න ඕන කියන එක..

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

-උපුටාගැනීම අන්තර්ජාලයෙන්

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!