page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Education / sri lanka history / ඇත්ගොව්වන්ට මුදල් ලබාදී පෙරහැරේ අලි ඇතුන් කුලප්පු කිරීමේ කුමන්ත්‍රණයක්

ඇත්ගොව්වන්ට මුදල් ලබාදී පෙරහැරේ අලි ඇතුන් කුලප්පු කිරීමේ කුමන්ත්‍රණයක්

ඇත්ගොව්වන්ට මුදල් ලබාදී පෙරහර මංගල්‍යයන් තුළදී අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් දිවත් වෙමින් තිබෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍යය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

මෙරට පෙරහර සංස්කෘතිය විනාශ කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ දියත් වෙමින් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවද උන්වහන්සේ කීහ.

විදේශ කටයුතු අමාත්‍යය රවී කරුණානායක මහතා ඊයේ (26) අස්ගිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථා‍වේ ලේඛකාධිකාරී හිමියෝ මේබව පැවසූහ.

දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංඛේතය ලෙසින් සලකා අතීතයේ පටන් රජ දරුවන් පුද පූජා කරමින් ආරක්ෂා කළ බවත් උන්වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව පවත්වාන්නාවූ පෙරහර මංගල්‍යය ඉංග්‍රීසි ආණ්ඩුව සමයේ පවා අඛන්ඩව සිදුකළ බවත් විදේශ කටයුතු රාජ්‍යය ඇමැති වසන්ත සේනානායක මහතා කීය.

පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා රජය සෑම විටම අවශ්‍යය අනුග්‍රහය ලබා දෙන බවත් රජය පෙරහර මංගල්‍යය කඩාකප්පල් කිරීම සඳහා අලි ඇතුන් ලබා නොදෙන බවට යන ප්‍රචාරය අසත්‍යය බවත් ඇමැතිවරයා පැවසුවේය.

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!