page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / saitm / යළි වෛද්‍ය වර්ජනයකට තීරණාත්මක හමුව හෙට

යළි වෛද්‍ය වර්ජනයකට තීරණාත්මක හමුව හෙට

රජයේ ස්‌ථාවරය පිළිගන්න බැහැ

සයිටම් සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරය පිළිගත නොහැකි බැවින් යළි අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දියත් කිරීමේ තීරණාත්මක සාකච්ඡාව හෙට (29 දා) සිය මධ්‍යම කාරක සභාව විසින් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

අඛණ්‌ඩ වැඩ වර්ජනයකට යැම හැර වෙනත් විකල්පයක්‌ නැතැයි ද රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක්‌ ඉදිරි වැඩ වර්ජනය සඳහා සහය වීමට මේ වන විටත් එකඟත්වය පළ කර ඇතැයි ද හෙතෙම කීවේය.

මේ නිසා එකී රජයේ ස්‌ථාවරය තම සංගමය ප්‍රතික්‍ෂේප කළ බවද ඒ අනුව ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු පෙරේදා තම සංගමය සමග යළි සාකච්ඡා කර සංශෝධිත යෝජනා මාලාවක්‌ ඊයේ දිනය තුළ ඉදිරිපත් කිරීමට මැදිහත් වන බව පැවසූ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.

නමුත් ඊයේ එම සංශෝධිත යෝජනා නොලැබුණු බව කී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඒ අනුව සයිටම් සම්බන්ධ රජයේ ස්‌ථාවරය තමන්ට පිළිගත නොහැකි බව කීවේය.

මෙම ගැටලුව තවදුරටත් වර්ධනය වූවොත් යළි අසූ අට අසූනවය වැනි කාලයක්‌ උදාවිය හැකි බව පැවසූ හෙතෙම දැන් ඉතිරිව ඇත්තේ ඉදිරි වැඩ වර්ජනයකට දින නියම කිරීම පමණක්‌ බවද කීවේය.

රට පුරා රෝහල්වල පසුගිය දිනවල ක්‍රියාත්මක කළ අඛණ්‌ඩ වැඩ වර්ජනය නිසා රටේ අහිංසක ජනතාවට දුක්‌ විඳීමට සිදුවූ බව කී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එම දුකට වඩා වැඩියෙන් හෙට අනිද්දා දිනවල දුක්‌ විඳීමට ජනතාවට සිදුවනු ඇතැයි ද කීවේය.

ක්‍රියාත්මක කළ අඛණ්‌ඩ වැඩ වර්ජනය පසුගිය සෙනසුරාදා තාවකාලිකව අත්හිටුවූයේ සයිටම් සම්බන්ධව රජයේ ස්‌ථාවරය ලෙස ජනාධිපතිවරයා තම සංගමයේ යම් යෝජනා කිහිපයකට එකඟ වූ පසුව බව කී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එහෙත් පසුව මාධ්‍ය නිවේදනයක්‌ මගින් ජනාධිපති ලේකම්වරයා එකී යෝජනා විකෘති කර රජයේ ස්‌ථාවරය පැහැදිලි කළ බවද ප්‍රකාශ කළේය. ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

-දිවයින

Check Also

අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ STF කැඳවයි..තිදෙනෙක් රෝහලට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත් ශිෂ්‍ය කණ්ඩායමක් අතර ජයවර්ධනපුර සරසවියේ දී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!